
අපේ වැඩපිලිවෙල නිසා ලංකාව ලෝකයෙන්ම හතරවැනියා වුනා..
FM Heart · 4 min read
Google AdSense
After Featured Image
අභ්‍යන්තර සහ බාහිර ආර්ථික කම්පන හමුවේ වුවද ශ්‍රී ලංකාව පවත්වාගෙන ගිය ස්ථාවර ආර්ථික පිළිවෙත හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකි වී ඇතැයි කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ආයතනය විසින් 2026 ජූලි මාසයේදී නිකුත් කරන ලද නවතම වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. "ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම සහ ස්ථාවරත්වය පිළිබඳ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් 2026 ජූලි මාසයේදී සිදු කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමට අනුව, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පෙර තිබූ මට්ටමේම ස්ථාවරව පවත්වාගෙන යාමට රජයට හැකි වී තිබෙනවා. දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ මැදපෙරදිග යුදමය තත්ත්වය වැනි අභ්‍යන්තර සහ බාහිර කම්පන හමුවේ වුවද, ආර්ථික ගමන් මාර්ගය වෙනස් නොකර ඉදිරියට ගෙන යාම නිසා මෙම ස්ථාවරත්වය රැක ගැනීමට හැකි වූ බව විශේෂයෙන් සඳහන් කළයුතුයි. එය විශේෂ ජයග්‍රහණයක් ලෙස අපි දකිනවා. ඒ වගේම ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා වැදගත් වන හුවමාරු සහ පරිවර්තන (Transfer and Convertibility - T&C) ශ්‍රේණිගත කිරීම සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙනවා. මෙහිදී සිදු වන්නේ ආයෝජකයෙකුට තමන් උපයන ලාභය නැවත තම රටට රැගෙන යාමට ඇති හැකියාව සහ ඔවුන් ලබා ගත් ණය සහ පොලී ගෙවීමට දේශීය මුදල්, විදේශීය මුදල් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව සලකා බැලීමයි. 2022 වසරේදී ඉතා අවදානම් සහගත CCC මට්ටමක තිබූ මෙම ශ්‍රේණිගත කිරීම, 2025 දී CCC+ දක්වාත්, 2026 වන විට B- (B minus) දක්වාත් දියුණු වී තිබෙනවා. විශේෂයෙන් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ දේශපාලන ස්ථාවරත්වය නිසා එම තත්ත්වය වර්ධනය වූ බව කිවයුතුයි. දැන් ස්ථාවරත්වයෙන් එළියට ගොස් විශේෂයෙන් විදේශ විනිමයේ ද්‍රවශීලිත්වය, සංචිත ගොඩනගා ගැනීම කියන කරුණු ඊට ඉවහල් වී තිබෙනවා. ඒ නිසා B minus කියන තත්ත්වය විශේෂයෙන් ඇගයීමට ලක් කළ යුතුයි. මෙම විදේශ සංචිත ගොඩනගා ගනු ලැබුවේ ආනයන සීමා කිරීමෙන් හෝ ආර්ථිකය හකුළුවා දැමීමෙන් නොවෙයි. එම සියලු ආර්ථික කටයුතු ඒ ආකාරයෙන්ම ගලා යාමට ඉඩ හරිමින් මහ බැංකුවේ උපායමාර්ගික මැදිහත්වීම මගින් මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගනිමින් සංචිත ඉහළ නංවා තිබෙනවා. මෙය ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳ අවබෝධය, අත්දැකීම් සහ විශේඥ දැනුම තිබෙන ජාත්‍යන්තර ආයතනයි. එසේ නොමැතිව සමාජ මාධ්‍යවල අය කියන ඒවා නොවෙයි. ඒ නිසා මෙය විශේෂයෙන් සැලකිල්ලට භාජනය කළයුතුයි. මෙම B minus කියන තත්ත්වය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ලංකාව පිළිබඳව ඉදිරිපත් කර තිබු ණය පාරදෘශ්‍යභාව සහ ණය ගැනුම්කරුවන් සමග තිබෙන සම්බන්ධය හේතු වෙනවා. අතීත අත්දැකීම අනුව අපේ රටේ ණය පාරදෘශ්‍යභාවය මොනවගේද කියලා දන්නේ නැහැ. සමහර විගණන වාර්තවල පවා තිබුණා ගත්තු ණය කොහෙද වාර්තා වෙන්නේ කියලා දන්නේ නැති තත්ත්වයක්. ණය පාරදෘශ්‍යභාවය නොතිබුණොත් ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. දැන් මේ වාර්තාවෙන් පෙන්නුම් කරනවා 2025 වසරට සාපේක්ෂව ආයෝජකයන් සමග තිබෙන සම්බන්ධතාව ගොඩනැගීම සහ ණය පාරදෘශ්‍යභාවය වර්ධනය කර ගැනීමේදී ශ්‍රී ලංකාව ඉතා විශාල කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන බව. ඒ අනුව ලබා දෙන සමස්ත ලකුණු 50න් ලකුණු 43.67ක් ලබා ගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. එය 2025 වසරට සාපේක්ෂව 6.3ක වර්ධනයක්. 2025 වසරේදී තිබුණේ 37.33යි. එසේ නම් 2026 වසරේදී ඇගයීමට ලක්වන රටවල් අතරින් අපි 4 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ආයෝජක විශ්වාසය සහ ණය පාරදෘශ්‍යභාවය වර්ධනය කර ගැනීමේ 4වන ස්ථානය අත්පත් කරගෙන තිබීම, හුවමාරු සහ පරිවර්තන ශ්‍රේණිගත කිරීමේ B minus කියන තත්ත්වය වැඩිකර ගැනීමට ඉවහල් වූ බව අපි හිතනවා. සමස්තයක් වශයෙන් ගත්විට අපිට සාරාංශගත කර කිව හැකියි මේ ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියමාර්ගවලදී ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් මිට හේතු වුණා කියලා. විවිධ බාධක මධ්‍යයේ වුවද නිවැරදි ප්‍රතිපත්ති පවත්වාගෙන යාම මගින් අපිට පුළුවන් වුණා කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට. 2026 පළමු කාර්තුව තුළ 5.1% ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වුණා. මෙය ආර්ථික වර්ධනයේදී ඉතාමත් වැදගත්. ඒ වගේම රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට සහ රාජ්‍ය ආයෝජන සිදු කිරීමට ආදායම් එක්කරගත යුතුයි. එම ආදායම් සැලසුම් කිරීම සහ සැලැසුම් කළ අන්දමට ආදායම් එකතු කරනවද කියන එකත් මේ මූල්‍ය විනයේ කැපී පෙනෙන ලක්ෂණයක්. එම ආදායම් එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාව ආණ්ඩුව ලබා ගත් දින සිට අද දක්වා දිනපතා අපි අධීක්ෂණය කරමින් යනවා. අපේ ඉලක්ක නිසි ලෙස සම්පූර්ණ කරගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස ගත් විට 2026 ජූලි මාසය වන විට, වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කවලින් 63.5% ක් සපුරා ගැනීමට රජයට හැකි වී තිබෙනවා. ඒ අනුව 2026 වසරේදී අපි සැලසුම් කර
Google AdSense
In-Article Ad

