FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අනුරාධපුර බාලවයස්කාර දැරිය අපයෝජන සිද්ධිය : පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාකච්ඡාව වාර්තා කළ බීබිසියට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවෙන් කැදවීමක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

July 21 (Citizen News) - අනුරාධපුරයේ බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාකච්ඡාවක් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම මුල්කරගනිමින්, BBC සිංහල සේවයේ මාධ්‍යවේදින් ලබන ජූලි 23 වන බ්‍රහස්පතින්දා පස්වරු 2:00 ට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ශව කිහිපයක් Citizen.lk පුවත් වෙත තහවුරු කළා. මෙලෙස කැඳවීමට හේතු වී ඇත්තේ, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පැවැත්වෙන විමර්ශන සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණයේදී දැක්වූ කරුණු සහ ඒ සම්බන්ධයෙන් මන්ත්‍රී සංසදයේදී ඇති වූ සංවාදය පිළිබඳව BBC සිංහල සේවය විසින් පළ කරන ලද විශේෂ අනාවරණයයි. BBC සිංහල සේවය විසින් පළ කරන ලද ලිපිය පහතින්: උපුටා ගැනීම. බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද ? පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියට අදාළ නඩුවේදී ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම දැඩි දෝෂ දර්ශනයට ලක් කොට ඇති බවට බීබීසීයට විශ්වසනීය

Google AdSense

In-Article Ad