FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හූති ගරිල්ලන්ගෙන් නොසිතූ ප්‍රහාරයක්.. ඇමරිකානු F-15 යානයකට පහරදී බිම හෙලයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අරාබි අර්‍ධද්වීපය කේන්ද්‍ර කරගනිමින් පවතින යුද ගැටුම් උත්සන්න වීම හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වන බාධා තවදුරටත් දැඩි වෙමින් පවතින පසුබිමක, ගිනිබත්ව විනාශ වූ යානයේ සුන්බුන් දැක්වෙන වීඩියෝ දර්‍ශනද හවුතිවරුන් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙම සිදුවීම පිළිබඳව සෞදි අරාබියේ මාධ්‍ය අමාත්‍යාංශය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, සෞදි ප්‍රහාරක යානයක් බිම වැටී විනාශ වූ බවට ආරංචි මාර්‍ග දෙකක් තහවුරු කළ බව ‘වෝල් ස්ට්‍රීට් ජර්‍නල්’ පුවත්පත සඳහන් කරයි. පසුගිය දශකයක පමණ කාලය පුරා ක්‍රියාත්මක වූ ගැටුම්වලදී යේමනයේ ඕනෑම ඉලක්කයකට රිසි සේ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සෞදි අරාබියට හැකියාව ලැබී තිබිණි. එහෙත්, අමෙරිකානු තාක්ෂණයෙන් නිපදවූ උසස්ම මට්ටමේ එෆ්-15 යානයක් මෙලෙස බිම හෙළීමට හවුතිවරුන්ට හැකි වූයේ නම්, එය ඔවුන් සතු ගුවන් ආරක්ෂණ පද්ධතියේ දැවැන්ත ඉදිරි පියවරක් පෙන්නුම් කරන බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. තෙල් හා ස්වාභාවික වායු සම්පතින් අනූන ‘මාරිබ්’ ප්‍රදේශයේදී දේශීයව නිෂ්පාදිත මිසයිලයක් යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කළ බව හවුති මාධ්‍ය අංශය කියා සිටී. හවුතිවරුන් නිකුත් කළ වීඩියෝ දර්‍ශනවල කාන්තාර ප්‍රදේශයක විසිරී ගිය ගුවන් යානා පියාපත්, එන්ජින් කොටස් ඇතුළු සුන්බුන් දක්නට ලැබෙන අතර, යානයේ වලිග කොටසේ සෞදි අරාබි ජාතික ධජයද සටහන්ව තිබෙනු දැකගත හැකිය. කෙසේවෙතත්, යානයේ සිටි නියමුවාගේ හෝ අවි මෙහෙයුම්කරුගේ ඉරණම පිළිබඳව කිසිදු සඳහනක් කර නොමැත. මීට පෙරද විවිධ ගුවන් යානා බිම හෙළූ බවට හවුතිවරුන් කළ ප්‍රකාශ සෞදි අරාබිය විසින් ප්‍රතික්ෂේප කරමින් ඒවා කාර්‍මික දෝෂ නිසා සිදුවූ අනතුරු බව ප්‍රකාශ කළ අතර, මෙම සිදුවීම නිල වශයෙන් තහවුරු වුවහොත් එය මෑතකාලීන ගැටුම් උත්සන්න වීම හමුවේ සෞදි අරාබියට අහිමි වූ පළමු එෆ්-15 යානය වනු ඇත. මෑත සතිවලදී බබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධියේ පිහිටි දූපතක් ඇතුළු තවත් උපායමාර්‍ගික බිම් පෙදෙස් කිහිපයක් අත්පත් කරගැනීමට හවුතිවරුන් සමත්ව ඇති අතර, ඒ ඔස්සේ රතු මුහුද හරහා සිදුවන සෞදි තෙල් ප්‍රවාහන නෞකාවලට බාධා කිරීමේ හැකියාව ඔවුන් තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ. 2022 වසරේ සිට සෞදි සහය ලබන යේමන රජය සහ හවුතිවරුන් අතර අවිධිමත් සටන් විරාමයක් පැවති අතර, හවුති පාලන ප්‍රදේශවල රාජ්‍ය සේවක වැටුප් පවා සෞදි අරාබිය විසින් ගෙවනු ලැබීය. එහෙත්, 2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු හටගත් ගාසා යුද්ධයත් සමඟ නැවත කරළියට පැමිණි හවුතිවරු, නෞකා 100කට අධික සංඛ්‍යාවකට සහ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළහ. හෝමූස් සමුද්‍ර සන්ධියේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් අමෙරිකාව සහ ඉරානය අතර සීතල යුද්ධයක් ක්‍රියාත්මක වන මොහොතක හවුතිවරුන් මෙලෙස සිය ප්‍රහාර තීව්‍ර කර ඇති බව 'වෝල් ස්ට්‍රීට් ජර්‍නල්' වාර්‍තාව වැඩිදුරටත් අවධාරණය කරයි.

Google AdSense

In-Article Ad