
එකම පුද්ගලයාට හානි 10ක් වුණා නම් වන්දි 10ක්ම ගෙව්වා..- නි. ඇමති
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගිය රජය සමයේ අක්කර 5ක් සඳහා ලබාදුන්නේ රුපියල් 30,000ක පොහොර සහනාධාරයක් පමණක් වුවද, වත්මන් රජය එම මුදල රුපියල් 60,000 දක්වා දෙගුණයකින් ඉහළ දැමූ බවයි. වී වගා කරන කුඹුරු ඉඩම්වල අතිරේක බෝග වගා කරන ගොවීන්ට මීට පෙර කිසිදු සහනාධාරයක් නොලැබුණු බව සිහිපත් කළ ඒ මහතා, වත්මන් රජය පසුගිය කන්න කිහිපය පුරාම එම ගොවීන්ට අඛණ්ඩව සහනාධාර ලබාදුන් බවත්, ඉදිරියේදී කන්න රැස්වීම්වල තීරණ මත අතිරේක බෝග වගා කරන ගොවීන්ටද පොහොර සහනාධාර ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවත් අවධාරණය කළේය. ස්වාභාවික ආපදාවලදී ගොවීන් වෙනුවෙන් ලබාදුන් වන්දි මුදල් පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය "පසුගිය කාලවලදී ආපදා සිදු වූ විට ගොවීන්ට ලැබුණේ ඉතාම සොච්චම් මුදලක්. නමුත් අපේ රජය යටතේ එකම පුද්ගලයාගේ වගාවන්ට දස වතාවක් හානි සිදු වූවා නම්, ඒ වාර දහයටම වන්දි ගෙවීමට අපි පියවර ගත්තා. කිසිදු රජයක් මීට පෙර මෙලෙස කටයුතු කර නැහැ." මේ අතර, පොළොන්නරුවේ පැවති උද්ඝෝෂණ සඳහා එක්වූයේ ගොවීන් නොවන වෙනත් වෘත්තිකයන්දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අදහස් දැක්වූ ඒ මහතා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතිමහත් බහුතරය ගොවි ජනතාව බැවින් එහි ගොවි නොවන පවුලක් සොයා ගැනීම පවා දුෂ්කර බවත්, එවැනි තර්‍ක හුදු විහිළු සහගත ප්‍රකාශ පමණක් බවත් වැඩිදුරටත් කියා සිටියේය.
Google AdSense
In-Article Ad

