
උද්ධමනය 8.5% දක්වා ඉහළට.. ආහාර නොවන උද්ධමනය 9.5%යි.. අධ්‍යාපන කාණ්ඩයේ උද්ධමනය 10.4%යි..
FM Heart · 2 min read
සැප්තැම්බර් මාසයේදී 224.2ක් වූ ජාතික පාරිභෝගික මිල දර්‍ශකය ඔක්තෝබර් මාසයේදී ඒකක 225.1ක් දක්වා වර්‍ධනය වී තිබේ. ඒ අනුව මාසික සාමාන්‍ය මිල මට්ටමේ වෙනස සියයට 0.4ක් ලෙස සටහන් වේ. ර්‍තාවට අනුව, ඔක්තෝබර් මාසයේදී ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 7.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සැප්තැම්බර් මාසයේදී එය සියයට 6.9ක් විය. වඩාත් කැපී පෙනෙන වර්‍ධනයක් පෙන්නුම් කර ඇත්තේ ආහාර නොවන කාණ්ඩයේ වන අතර, සැප්තැම්බර් මාසයේදී සියයට 9.1ක් වූ එම කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී සියයට 9.5 දක්වා ඉහළ ගොස් ඇත. සමස්ත උද්ධමන අනුපාතය වන 8.5% සඳහා ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 5.3ක ඉහළ දායකත්වයක් ලැබී ඇති අතර, ආහාර කාණ්ඩයෙන් ලැබී ඇති දායකත්වය සියයට 3.2කි. උප කාණ්ඩ අනුව සලකා බැලීමේදී, ප්‍රවාහන වියදම්වල වාර්‍ෂික උද්ධමනය සියයට 18.7 සිට සියයට 20.9 දක්වාත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ උද්ධමනය සියයට 9.1 සිට සියයට 10.4 දක්වාත් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. විනෝදාත්මක හා සංස්කෘතික වියදම් ද සියයට 2.6ක් දක්වා ඉහළ ගොස් ඇති මුත්, සෞඛ්‍ය (5.3%), මධ්‍යසාර හා දුම්කොළ (0.8%) සහ විවිධ භාණ්ඩ හා සේවා (7.7%) යන කාණ්ඩවල උද්ධමනය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සුළු පහත වැටීමක් පෙන්නුම් කර ඇත. වෙළෙඳපොළේ නිතර මිල වෙනස්වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉවත් කර ගණනය කරනු ලබන යටිදැරි උද්ධමනය ඔක්තෝබර් මාසයේදී සියයට 6.7ක් ලෙස සටහන්ව තිබේ.

