FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජර්මනියේ දැඩි උණුසුමෙන් මරණ 10,000කට ආසන්න වේ..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

වසරේ මේ දක්වා කාලය තුළ ජර්මනිය පුරා පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 9,800ක් පමණ මියගොස් ඇති බව එරට රොබට් කොක් සෞඛ්‍ය ආයතනය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. එම ආයතනය නිකුත් කළ නවතම සතිපතා වාර්තාවට අනුව, ඉදිරි දිනවලදී ජර්මනියේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. වාර්තා වී ඇති මරණවලින් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 75 සහ ඊට වැඩි වැඩිහිටි ජනගහනය අතර සිදුව ඇති බව එම සෞඛ්‍ය ආයතනය පෙන්වා දෙයි. සතිපතා සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 සීමාව ඉක්මවා යන අවස්ථාවලදී මරණ අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ යන බව නිරීක්ෂණය වී ඇතැයි එම ආයතනය පවසයි. "මේ හේතුවෙන්, මෙම ගිම්හාන සෘතුවේදී ඇතිවන තාප තරංග මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීමට හේතු වනු ඇතැයි අප අපේක්ෂා කරනවා," යැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. පසුගිය ජුනි මාසයේදී ද ජර්මනියේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාව ඉක්මවා යමින් වාර්තාගත උණුසුම් කාලගුණයක් පැවති බව රොයිටර් පුවත් සේවය සිහිපත් කරයි. යුරෝපය පුරා පවතින මෙම දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ග්‍රීසිය වැනි රටවල් ද ලැව්ගිනි පාලනය කරගැනීමට දැඩි උත්සාහයක නිරත වන බව විදෙස් වාර්තා පවසයි.

Google AdSense

In-Article Ad