FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පෙරහර ඉවරයි… කාවඩි නැටුමෙන් පටන් ගත්ත පාතාල කල්ලි අතර ෆේස් බුක් සටන දිගටම…

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

දෙවුන්දර පෙරහරේ කාවඩි නැටුම සම්බන්ධව සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුම තවමත් අඛණ්ඩව පැවතෙමින් ඇත. පෙරහර නිමා වුව ද ඒ දෙපාර්ශවය අතර තර්ජනාත්මක හඬපට හුවමාරු වෙමින් තිබේ. නවතම හඬ පටය නිකුත් වී ඇත්තේ උනාපූරුවේ ශාන්ත සහ කංජිපානි ඉම්රාන් ගේ සම්බන්ධය ඍජුවම හෙළි කරමිනි. එම හඬ පටය නිකුත් වන්නේ ඉස්සර දැමූ සෙල්ලම් මෙවර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග දැමිය නොහැකි බවට වූ ඇඟවීමක් සමගය. එහි මෙසේ කියැවී තිබිණි. “ආ ආ උනාපුරුවේ සාන්ත. ඔයත් දැන් කෙහෙල්බද්දර පද්මෙ වගේ තමන් ගාව ඉදපු බලු පැටියා සලින්තව දම්මලා වටේම එවුන්ට බිරෙවුවා වගේ ඔයාලු නේ ඔයාගෙ කිකරු ගෝලයා මාකර්පෙන් බලු පැටියා ඉම්රාන්ට කියලා වටේම මිනිස්සුන්ට බුරවන්නෙ.. බලාගෙන පද්මෙයි සලින්තයි වගේ ඔයාටයි ඔයාගෙ හොදම ගෝලයා ඉම්රාන් බලුපැටියටත් වැඩිකල් යන්න කලින් ලංකාවෙ CID පැත්තෙ එන්න වෙයි.. වර්තමාන ආන්ඩුවේ බුද්ධිඅංශ හරි දරුනුයි..කලින් ආන්ඩු වගේ නෙමේ..පරිස්සමෙන්..ඔයා ඉම්රාන්ට කියලා අනිත් අයට අවි ආයුද දෙන ඒවත් දන්නවා..ලංකාවට ආවම වමාරන්න වෙයි..පරිස්සමෙන් හොදේ… ආරක්ෂක හා විනය හේතූන් මත මෙම කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට ර යෝජනා වී තිබුණද, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිසිය ඇතුළු පාර්ශව රැසකගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී පසුගිය වසරේ සහභාගී වූ කාවඩි කණ්ඩායම් 45 ටම දැඩි පොලිස් ආරක්ෂාවක් සහ විනය නීති යටතේ මෙවරත් නර්තනයේ යෙදෙන්නට අවසර ලැබිණි. අවසන් රන්දෝලි පෙරහර ඊයේ (29) වීදි සංචාරය කරනු ලැබුවේ කිසිම විශේෂ සිද්ධියකින් තොරවය.

Google AdSense

In-Article Ad