FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාර්ලිමේන්තුවට විඝණනයෙන් බර චෝදනා..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු වාහන පරිපාලනය සම්බන්ධයෙන් පවතින රජයේ නීති රීති සහ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකින් අනාවරණය වේ. 2025 වර්ෂයට අදාළ පාර්ලිමේන්තු වාර්ෂික විගණන වාර්තාව මගින් මෙම කරුණු හෙළිදරව් කර තිබේ. රජයේ සියලුම සංවෘත වාහනවල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වුවද, පාර්ලිමේන්තුව සතු වාහන 50ක එම ලාංඡනය සවිකර නොමැති බව විගණනයේදී අනාවරණය වී ඇත. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවලට අනුව සෑම මාස දෙකකට වරක් හෝ කිලෝමීටර් 25,000ක ධාවනයකින් පසු වාහනවල ඉන්ධන දහන පරීක්ෂාවක් සිදුකළ යුතුය. එහෙත් පාර්ලිමේන්තුවට අයත් වාහන 41ක් සඳහා එවැනි කිසිදු පරීක්ෂාවක් නියමිත පරිදි සිදුකර නොමැති බව වාර්තාව පෙන්වා දෙයි. භාවිතයෙන් ඉවත් කළ යුතු වාහන 12ක් වෙන්දේසි කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පසුගිය වසරේ මැයි මස පත්කර තිබුණද, මේ දක්වා එම වාහන වෙන්දේසි කිරීමට පියවර ගෙන නොමැති බව විගණන වාර්තාවේ සඳහන් වේ. විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා සහනදායී මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීමේදී අදාළ නිලධාරියා වසර හයක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය. එහෙත් එම කොන්දේසිය සපුරා නොමැති නිලධාරීන් තිදෙනෙකු සඳහා විධිමත් අනුමැතියකින් තොරව වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව ද ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් අනාවරණය කර ඇත.

Google AdSense

In-Article Ad