FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බ්‍රසීල ජනතාව බොරු දේශපාලනය, පවුල්වාදය පරාද කලා..- ජනපති අනුර

FM Heart · 1 min read

The Heart Academy
සිය නිල ‘X’ ගිණුමේ විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම ජයග්‍රහණය හරහා බ්‍රසීල ජනතාව මැතිවරණයක් ජයග්‍රහණය කිරීමටත් වඩා එහා ගොස් දූෂණය, සමාජය දෙකඩ කිරීම සහ දේශපාලන මුසාවාදයේ බලවේග මුළුමනින්ම පරාජය කර ඇති බවයි. එම පණිවිඩය මගින් වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, දේශපාලනික වශයෙන් බංකොලොත් වූ පවුල් පාලනයන්ට මෙන්ම ‘බලය යුක්තියට වඩා උතුම් යැයි’ අදහන අතීතයේ භූතයන්ට තවදුරටත් බුද්ධිමත් ජනතාව මුලා කළ නොහැකි බව සහෝදර ලූලාගේ මෙම විජයග්‍රහණය මගින් මනාව තහවුරු කර ඇති බව පෙන්වා දෙයි. නැවත වරක් ප්‍රගතිය සහ සංවර්‍ධනය උදෙසා වන ජනතා පෙරමුණ සාර්‍ථකව ඉදිරියට මෙහෙයවීම පිළිබඳව සහෝදරත්වයෙන් යුතුව ලූලා ද සිල්වා මහතාට සුබපැතුම් එක්කරන බවද ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
99mobile