
පාස්කු ප්රහාරයේ තවත් නඩු තීන්දුවක් ප්රකාශයට පත් කරමින් නවුෆර් මවුලවීගේ වසර 220ක සිර දඩුවමට තවත් වසර 12ක් එකතු වෙයි
FM Heart · 1 min read
පාස්කු මහ නඩුවෙන් වරදකරු වී බරපතල වැඩ සහිතව වසර 220 ක සිරදඩුවමක් අත්විදිමින් සිටින, නවුෆර් මවුලවීට එරෙහිව, කොළඹ විශේෂ ත්රීපුද්ගල මහාධිකරණ අද තවත් අවුරුදු 12 ක සිරදඩුවමක් නියම කළේ ය. ඒ, 2018 වසරේදී වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්රදේශයේදී සහරාන් හෂීම් සහ තවත් අන්තවාදීන් පිරිසක් සමඟ එක්ව ගිනි අවි සහ පුපුරණ ද්රව්ය එක්රැස් කිරීමට අදාළ පවරා ඇති නඩුවේ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුවයි.

