FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ජලාශ 25ක් තවමත් වාන් දමයි

FM Heart · 2 min read

The Heart Academy
වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 25ක පමණ තවමත් වාන් දමන බව එම දෙපාර්‍තමේන්තුව පවසනවා. එමෙන්ම ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ට්ම් ඉහළ ගියද ඉන් අවදානමක් නොමැති බවයි වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්‍ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ. ” ගංඟාවල ජල මට්ටම් සාමාන්‍ය වැඩිවීමක් දකින්නට තියෙනවා . විශේෂයෙන්ම නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟ, කැලණි ගඟ ජල මට්ටම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමක් දකින්නට තිබුණත්, මේ වන විට බොහෝ ගංඟාවල ජල මට්ටම් සෙමෙන් අඩුවෙමින් පවතිනවා සහ ඇතැම් වැඩිවීම් ගංවතුර තත්ත්වයක් දක්වා වර්‍ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ . අද කාලගුණික තත්ත්වයන් දී ලබාදී ඇති පුරෝකථනයන් සැලකීමේදීත්, විශේෂයෙන්ම අද දිනයේත් සාමාන්‍ය වර්‍ෂාපතනයක් ලැබෙන පුරෝකථනයක් කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව ලබා දීලා තියෙනවා . කෙසේ නමුත්, පවතින වර්‍ෂාපතනයෙනුත්, ඒ වගේම මේ දක්වා ලැබී තිබෙන වර්‍ෂාපතනයන් අනුව ගංඟාවල ජල මට්ටම්වල ශීඝ්‍ර වැඩිවීමක් හෝ ගංවතුර තත්ත්වයක් දක්වා වර්‍ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ, විශේෂයෙන්ම තෙත් කලාපීය ප්‍රදේශයේ තියෙන ගංඟාවල . වැඩිම ජල ප්‍රමාණයක් නිදහස් කර දැදුරු ඔය සහ රාජාංගනය ජලාශවල නිදහස් කරන ප්‍රමාණයන් ක්‍රමයෙන් අඩු කරමින් පවතිනවා . විශේෂයෙන්ම දැදුරු ඔය තත්පරයට ఘන අඩි 18,000 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා දැදුරු ඔයට . ඒ වගේම කලා ඔයට රාජාංගනය ජලාශයෙන් තත්පරයට ఘන අඩි 9,000 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරනවා . මේ තත්ත්වය යටතේ පහළ ප්‍රදේශවල ඇතැම් පහත් බිම්වලට, විශේෂයෙන්ම දැදුරු ඔය ආසන්නයේ පිහිටි පහත් බිම්වලට ජලය ඇතුළු වීම වැනි තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තියෙනවා සහ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තියෙනවා . එම නිසා ප්‍රධාන වශයෙන්ම කලා ඔය සහ දැදුරු ඔයේ පහළ එන්න ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් කාපූර්‍විකව ඉල්ලා සිටිනවා . ඊට අමතරව මධ්‍යම සහ මහා පරිමාණ ජලාශ, වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව යටතේ තියෙන ජලාශ 25 කට ආසන්න ප්‍රමාණයක් වාන් දමමින් පවතිනවා . කෙසේ නමුත් අනෙකුත් ජලාශවල බොහෝමයකම වාන් දැමීම එතරම් අනතුරුදායක මට්ටමක සිදු වන්නේ නැහැ . .
99mobile