FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ධනංජය සිල්වාගේ සොහොයුරාට සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය, ගිනි අවි චෝදනා.. සීඅයිඩී විමර්‍ශනයක්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ආරක්ෂක අංශ ආරංචි මාර්‍ග සඳහන් කරන පරිදි, මෙම විමර්‍ශනයට ලක්ව ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි ‘සංගු’ නමැති අන්වර්‍ථ නාමයෙන් හඳුන්වන 37 හැවිරිදි පුද්ගලයෙකි. විමර්‍ශන අංශ වෙත ලැබී ඇති බුද්ධි තොරතුරු සහ පැමිණිලිවලට අනුව, මෙම සැකකරු විදේශගතව සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘රසල් ස්මිත්’ නමැත්තා සමඟ සිදුකළ බව කියන රහසිගත ගිනිඅවි ගනුදෙනුවක් පිළිබඳ හඬපටයක්ද මේ වන විට ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. එම හඬපටයට අනුව, පොලිස් විශේෂ කාර්‍ය බළකායේ භාරයට පත්වූ ටී-56 වර්‍ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් ඉහළ දේශපාලන බලපෑම් මත නීතියෙන් මුදාහැරීමට කටයුතු කර ඇති බවත්, ඊට අදාළ සාක්ෂි විනාශ කර චෝදනා වසන් කර ඇති බවත් අනාවරණය වී තිබේ. කාලාන්තරයක් තිස්සේ ඇතැම් දේශපාලනඥයන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ රැකවරණය ලබමින් මොහු මෙම අපරාධ ජාලය පවත්වාගෙන ගොස් ඇති බවට හෙළිවීමත් සමඟ, සාක්ෂි විනාශ කිරීමට සහ විමර්‍ශන කඩාකප්පල් කිරීමට අනුබල දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිවද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මීට අමතරව, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී වත්කම් උපයාගැනීම් (මුදල් විශුද්ධිකරණය) සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව කරුණු අනාවරණය වී ඇති අතර, පසුගිය අගෝස්තු 01 වැනිදා රත්මලාන ගුවන් තොටුපළ හන්දිය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට මොහුගේ කිසියම් සබඳතාවක් හෝ අනුබලයක් තිබේද යන්න පිළිබඳවද රහස් පොලිසිය විශේෂ අවධානයක් යොමු කර තිබේ.

Google AdSense

In-Article Ad