FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

චීනෙ දාල ගියාට ව්‍යාපෘතිය අපි කරනවා..- වරාය අධිකාරිය

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

ඒ වෙනුවට, විවෘත හා තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලියක් ඔස්සේ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් යටතේ කොළඹ වරාය තුළ නවීන ඒකාබද්ධ සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට වරාය අධිකාරිය පියවර ගන්නා බව නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. කොළඹ වරායේ සැපයුම් ධාරිතාව ඉහළ නංවමින් එය කලාපීය ප්‍රමුඛ සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින්, වර්‍ග මීටර් 150,000ක බිම් ඉඩකඩක් සහිතව "දකුණු ආසියානු වාණිජ සහ සැපයුම් කේන්ද්‍රය" (South Asia Commercial and Logistics Hub - SACLH) නමින් මෙම ව්‍යාපෘතිය 2023 වසරේදී ආරම්භ කෙරිණි. එහි 70%ක බහුතර කොටස් හිමිකාරිත්වය චයිනා මර්‍චන්ට්ස් සමාගමේ පූර්‍ණ අනුබද්ධිත සමාගමකටද, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සස් ඉංජිනියරින් සමාගම වෙත 15% බැගින් වූ කොටස් හිමිකාරිත්වයක්ද පැවතිණි. කෙසේ වෙතත්, වත්මන් බාහිර වෙළඳපොළ තත්ත්වයන්, වාණිජමය ශක්‍යතාව සහ පාර්‍ශ්වකරුවන්ගේ උපායමාර්‍ගික අවශ්‍යතා සමාලෝචනය කිරීමෙන් අනතුරුව, අදාළ ඒකාබද්ධ සමාගම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයාමට පාර්‍ශ්වකරුවන් තීරණය කර ඇත. ඒ අනුව, අදාළ සමාගම සතු මෙහෙයුම් වියදම් පියවීමෙන් පසු ඉතිරි වන ඇමරිකානු ඩොලර් මිලියන 29.8ක (USD 29.8 million) මුලික සම-කොටස් ආයෝජන මුදල, කොටස් හිමිකාරිත්වයේ ප්‍රතිශතයන්ට අනුකූලව හවුල්කාර සමාගම් තුන අතර නැවත බෙදාදීමට පියවර ගෙන තිබේ. පෙර සැලසුම අවලංගු කළද, ජාත්‍යන්තර සැපයුම් දාමයන්හි නූතන අවශ්‍යතාවන්ට සරිලන පරිදි කොළඹ වරාය තුළ අතිනවීන සැපයුම් යටිතල පහසුකම් සංවර්‍ධනය කිරීමේ දැඩි කැපවීමෙන් වරාය අධිකාරිය බැහැර නොවන බව එම නිවේදනයේ අවධාරණය කෙරේ. ඒ අනුව, කොළඹ වරාය සතු වටිනා භූමි ප්‍රමාණය උපරිම කාර්‍යක්ෂමතාවයෙන් යුතුව භාවිත කරමින්, විනිවිදභාවයෙන් යුතු තරගකාරී ලංසු කැඳවීමක් හරහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ආයෝජන ආකර්‍ෂණය කරගැනීමට සැලසුම් කර ඇත. කොළඹ වරාය හුදෙක් බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ (Container Transshipment) වරායක සීමාවෙන් ඔබ්බට රැගෙන ගොස්, ජාත්‍යන්තර නැව් සේවා සමාගම් සහ භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාකරුවන්ට අගය එකතු කළ සේවාවන් රැසක් සපයන පුළුල් සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්‍තනය කිරීම මෙම නව සැලැස්මේ ප්‍රධාන අරමුණයි. ජාතික ආර්‍ථික අවශ්‍යතාවලට ගැළපෙන, මූල්‍යමය වශයෙන් වඩාත් ශක්තිමත් ආකෘතියක් ඔස්සේ මෙම නව ව්‍යාපෘතිය ඉදිරියේදී දියත් කිරීමට නියමිතය. චීනයේ 'චයිනා මර්‍චන්ට්ස් පෝර්‍ට් හෝල්ඩින්ග්ස්' (CMPort) සමාගම මේ වන විටත් කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්‍යන්තයේ (CICT) 85%ක කොටස් හිමිකාරිත්වය දරන අතර, හම්බන්තොට ජාත්‍යන්තර වරායේ මෙහෙයුම් පාලනයද හොබවනු ලබයි. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 'විජින්ජාම්' (Vizhinjam) ඇතුළු නව ගැඹුරු මුහුදු වරායන් සංවර්‍ධනය වීමත් සමඟ දකුණු ආසියානු කලාපයේ ප්‍රතිනැව්ගත කිරීම් වෙළඳපොළ තුළ දැඩි තරගකාරිත්වයක් නිර්‍මාණය වෙමින් පවතී. එවන් පසුබිමක, හුදු බහාලුම් හුවමාරුවකට පමණක් සීමා නොවී, ගබඩාකරණය, බහුවිධ භාණ්ඩ ඒකාබද්ධ කිරීම (LCL / Multi-Country Consolidation) සහ අගය එකතු කළ සැපයුම් සේවා සැපයීම සඳහා කොළඹ වරාය සතු පහසුකම් කඩිනමින් පුළුල් කිරීම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අනාගතය සඳහා අතිශය තීරණාත්මක සාධකයක් ලෙස විශේෂඥයෝ පෙන්වා දෙති.

Google AdSense

In-Article Ad