
සමාජ මාධ්‍ය හරහා වෛරී ප්‍රකාශ මුදාහැරීමක් නිරීක්ෂණය වී තිබෙනවා..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරයකු යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන්ගේ නමින් පෙනී සිටිමින් ව්‍යාජ ලෙස සකස් කළ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙලෙස වෛරී සහගත ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව පරිගණක අපරාධ විමර්‍ශන කොට්ඨාසය මගින් මේ වන විටත් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම එවැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු අධිකරණය හමුවට ද වාර්‍තා කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේද සඳහන් කළේය. "අතීතයේදී බලය ලබාගැනීමට සහ එම බලය රැකගැනීම උදෙසා ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සා කටයුතු කිරීම මෙරට දේශපාලන සංස්කෘතියක් බවට පත්ව තිබුණා. පසුගිය කාලසීමාව පුරාවටම එවැනි ජාතිවාදී ක්‍රියාකාරකම්වල යම් යම් නෂ්ටාවශේෂ නැවත ඉස්මතු කිරීමට උත්සාහ කළ අවස්ථා නිරීක්ෂණය වුණත්, අප ඊට කිසිදු ඉඩක් තැබුවේ නැහැ. ඉදිරියටත් ජාතික සමගිය බිඳවැටෙන ආකාරයේ කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී කුමන්ත්‍රණයකට මේ රජය තුළ කිසිසේත්ම ඉඩක් දෙන්නේ නැහැ." මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද ප්‍රශ්නයට අදාළව විමර්‍ශන වාර්‍තා පදනම් කරගත් පූර්‍ණ හා විධිමත් පිළිතුරක් පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
Google AdSense
In-Article Ad

