FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කිසිම ආණ්ඩුවක් සිවුර ගැලෙව්වේ නෑ... මේ ආණ්ඩුව ඒකත් කලා..- ඥාණසාර හිමි වැලිකඩ යන ගමන් කියයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පසුගිය ආණ්ඩු සමයන්හිදී තමන්ව බන්ධනාගාරගත කළ ද කිසිදු රජයක් සිය සිවුර ඉවත් නොකළ බවත්, මෙවර ආණ්ඩුව යටතේ සිය සිවුර ගලවා ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. අධිකරණ නියෝගයකට අනුව බන්ධනාගාරගතව සිටින උන්වහන්සේ, අද (06) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යන අතරවාරයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළහ. සුදු පැහැති ජාතික ඇඳුමකින් (ගිහි ඇඳුමෙන්) සැරසී දැඩි බන්ධනාගාර ආරක්ෂාව යටතේ අධිකරණයෙන් පිටතට පැමිණි උන්වහන්සේගෙන්, සිය කැමැත්තෙන් සිවුර ඉවත් කළේදැයි මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කළේ එය ඉහළ නියෝග මත සිදුවූවක් බවයි. "පසුගිය ආණ්ඩු හිරේ ගෙනිහින් දැම්මට කවුරුත් කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑනේ. මෙදා තමයි සිවුර ගැලෙව්වේ. සිවුර ගැලෙව්වත් එකයි, නැතත් එකයි" යනුවෙන් උන්වහන්සේ එහිදී පැවසූහ. අධිකරණය හමුවට සිවුරෙන් සැරසී පැමිණීමට අවසර තිබේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී උන්වහන්සේ පෙන්වා දුන්නේ, ඒ සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ මහා සංඝ සභාව බවයි.

Google AdSense

In-Article Ad