FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

2027 සිට ඊශ්‍රායල ඉදිකිරීම් ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකිකයන් පෞද්ගලික අංශයෙන් බඳවා ගැනීම අත්හිටුවයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

එම අධිකාරිය විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමට බලපත්‍ර හිමි සමාගම් වෙත ඉදිරියේදී සේවකයන් බඳවා ගැනීමට අවසර හිමිවන්නේ නව ක්‍රමවේදය යටතේ අනුමත කරන ලද රටවලින් පමණි. ඒ අනුව එක්සත් ජනපදය, ඉතාලිය, තායිලන්තය, පිලිපීනය, වියට්නාමය, රුමේනියාව, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ තුර්‍කිය ඇතුළු රටවල් 22 ක් අනුමත ලැයිස්තුවට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, දැනට පවතින ද්විපාර්‍ශ්වික එකඟතාවන්ට අනුකූලව, 2027 ජනවාරි 01 වැනිදායින් පසු ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් පෞද්ගලික නියෝජිතායතන මඟින් ඉදිකිරීම් ශ්‍රමිකයන් බඳවා ගැනීම සම්පූර්‍ණයෙන්ම නතර කෙරෙන බව එහි අවධාරණය කර ඇත. යම් රටක් සමඟ ඊශ්‍රායල රජය රාජ්‍ය මට්ටමේ ද්විපාර්‍ශ්වික ගිවිසුමකට එළැඹි පසු, එම ගිවිසුම ක්‍රියාත්මක වී මසක් ඇතුළත අදාළ රටෙන් සිදුකෙරෙන පෞද්ගලික බඳවා ගැනීම් අත්හිටුවන අතර, ඉන් අනතුරුව ශ්‍රමිකයන් බඳවා ගනු ලබන්නේ අදාළ රාජ්‍ය ද්විපාර්‍ශ්වික ගිවිසුම් රාමුව යටතේ පමණක් බව ද එම අධිකාරිය පෙන්වා දෙයි. මේ අතර, අනුමත ලැයිස්තුවේ නොමැති, එහෙත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්‍තමේන්තුවේ වාර්‍ෂික පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්‍තාවේ (TIP) 1 හෝ 2 මට්ටම්වල පසුවන රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන සේවායෝජකයන් ඒ සඳහා හේතු දක්වමින් ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ ඉදිකිරීම් අංශය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු වේ.

Google AdSense

In-Article Ad