
“අශුද්ධ සන්ධානයක් මහ බැංකුවට එරෙහිව විරෝධතාවක”
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එක්තරා අශුද්ධ සන්ධානයක් ශ්‍රී ලංකා ගොවි ප්‍රජාව හරහා පෙත්සමක් අත්සන් කරමින් මහ බැංකුවට එරෙහිව විරෝධතාවක් ගෙනයන බව සිලෝන් ග්‍රීන් ලයිෆ්ප්ලා න්ටේශන් (Ceylon Green Life Plantation) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. අදාළ විරෝධතාවලට සිය ආයතනයේ නම ද අවභාවිතා කර ඇතැයි අදාල නිවේදනයේ දැක්වේ. එසේම සිය ආයතනය නිර්‍දෝෂී කෘෂිකර්‍මාන්තය හා වානිජ වගාව පදනම් කරගත් සමාගමක් ලෙස අදාල විමර්‍ශන කටයුත්තට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් පවතින බවත්, ඒ අනුව සිය ආයතනයේ බැංකු ගිණුම් අත්හිටුවීම සිදුව ඇත්තේ හුදෙක්ම යම් අභ්‍යන්තර අතපසුවීමක ප්‍රතිඵලයක් ලෙස විශ්වාස කරණ බවද කියා සිටී. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ. මීට පෙර අවස්ථාවකදී ද අප සමාගමට එරෙහිව මෙම අශුද්ධ සන්දානය විසින් වැරදි තොරතුරු සමාජගත කර තිබූ අතර, මෙවරද ඔවුන්ගේ නම සමඟ අපගේ ආයතනික නාමයද ඈඳා ගනිමින් සිදුකරන මෙම ද්වේශ සහගත ක්‍රියාකලාපය අප ආයතනය විසින් දැඩි සේ ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඉතා නුදුරු දිනයකදීම නීත්‍යානුකූල ක්‍රියාවලිය හරහා අපගේ ගැටලු සාර්‍ථකව විසඳා ගැනීමට අප මේ වන විටත් නිරත වී සිටින බැවින්, මෙවැනි අශුද්ධ සංවිධානවල අසත්‍ය ප්‍රචාරයන්ට හෝ පෙළඹවීම්වලට හසු නොවන ලෙස අපි අපගේ ගොවි ප්‍රජාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. සම්පූර්‍ණ නිවේදනය පහත දැක්වේ.
Google AdSense
In-Article Ad

