FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඩොලර් බිලියනයක් රටින් පන්නලා.. රට පුරා අලුත් පච කියමින් යනවා..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

පාර්‍ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, මැතිවරණ සමයේදී උපාධිධාරීන් 35,000කට එකවර රැකියා ලබා දෙන බවට ගෙයින් ගෙට ගොස් පොරොන්දු දුන්නද, අද වන විට රටේ උගතුන්ගෙන් සියයට 43කට රැකියා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්‍තා පවා පෙන්වා දෙන බවයි. දකුණු ආසියාවේ උග්‍රතම විරැකියාව පවතින රට බවට ලංකාව පත්වෙමින් තිබියදී, ආණ්ඩුව ලබා ගත් ජයග්‍රහණ ගැන උදම් අනමින් සිටීම විහිළුවක් බවද හෙතෙම සඳහන් කළේය. ආණ්ඩුව බලයට පත්වන විට පැවති සියයට 5.3ක ආර්‍ථික වර්‍ධන වේගය මේ වන විට සියයට 4.1 දක්වා පහත වැටී ඇති අතර, උද්ධමනය සියයට 8.1ක් දක්වා ඉහළ ගොස් ආර්‍ථිකය කඩා වැටී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. රටේ සිදුවන මහා පරිමාණ දූෂණ ක්‍රියා හමුවේ ජනාධිපතිවරයා මුණිවත රකින බවට චෝදනා කළ නාමල් රාජපක්ෂ මහතා, වරායෙන් බහාලුම් 323ක් මුදාහැරීමේ සිද්ධියට වගකිවයුතු පුද්ගලයන් නිදැල්ලේ සිටින බවත්, අමාත්‍යාංශයේ මුදල් ලේකම්වරයා වැරදි ගිණුමකට ඩොලර් මිලියන 2.5ක් බැර කර තිබියදී ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් පැවසීය. එමෙන්ම 2025 සහ 2026 වසර දෙක තුළ කළු කඩ මාර්‍කට් එක හරහා ඩොලර් බිලියනයකට අධික මුදලක් රටින් පිටව ගොස් ඇතැයිද ඔහු චෝදනා කළේය. ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් ද රජය දැඩි විවේචනයට ලක් කළ මන්ත්‍රීවරයා, ආනයනය කළ ගල් අඟුරු නැව් 19ම බාල තත්ත්වයේ ඒවා බවත්, ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්ව ඇති බවත් පෙන්වා දුන්නේය. හදිසි මිලදී ගැනීම් යටතේ ගෙනා නැව් 6න් දෙකක්ම බාල තත්ත්වයේ පැවති අතර, ඉන් එකක් හරවා යවා අනෙකෙන් ගොඩබෑම සිදුකර ඇත්තේ කාගේ වුවමනාවටදැයි හෙතෙම ප්‍රශ්න කළේය. මීට අමතරව, 'ඩිට්වා' සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට නිවාස සහ ඉඩම් සඳහා පොරොන්දු වූ වන්දි මුදල් මෙතෙක් ලබා දී නොමැති බවත්, ගොවීන්ගෙන් මිලදී ගත් වී සඳහා මුදල් නොගෙවීම සහ පොහොර නිසි වේලාවට නොලැබීම හේතුවෙන් කෘෂිකර්‍මාන්තය අඩාල වී ඇති බවත් ඔහු සඳහන් කළේය. එබැවින් තවදුරටත් ජනතාව මුළා කරමින් නව පොරොන්දු දේශපාලනයක නිරත නොවී, මීට පෙර දුන් පොරොන්දු ඉටු කර ජනතා ගැටලුවලට සැබෑ විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

Google AdSense

In-Article Ad