FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ප්‍රදේශ රැසක ඩීසල් හිගයක්.. මිල වැඩි කරන තෙක් සමාගම් ඩීසල් නොබෙදයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඩීසල් හිඟය හේතුවෙන් විශේෂයෙන්ම එම ප්‍රදේශවල ගොවි සහ ධීවර ජනතාවට සිය දෛනික ජීවනෝපාය සහ කර්‍මාන්ත කරගෙන යාමට නොහැකිව දැඩි පීඩාවකට මුහුණ පා සිටින බව එම සංගමය පෙන්වා දෙයි. අදාළ පෞද්ගලික සමාගම් මඟින් මෙම පළාත් වෙත ඩීසල් තොග නිකුත් කරනු ලබන්නේ සතියකට එක්වරක් හෝ දෙවරක් පමණක් වීම මෙම අර්‍බුදය තීව්‍ර වීමට ප්‍රධාන හේතුව වී ඇත. මේ වන විට LIOC සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 275ක්, Sinopec සමාගමට අයත් පිරවුම්හල් 150ක් සහ RM Parks සමාගමට අයත් පිරවුම්හල් 100ක් ඇතුළුව ඉන්ධන පිරවුම්හල් 500කට අධික සංඛ්‍යාවක ඩීසල් බෙදාහැරීම සීමා කර තිබේ. මෙම සමාගම් ත්‍රිත්වය හරහා ඉන්ධන නිකුත් කිරීම සියයට පනහකින් (50%) පමණ පහත වැටී ඇති අතර, මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් 500කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්‍ණයෙන්ම වසා දැමීමට සිදුවනු ඇතැයි ද බෙදුම්කරුවෝ අනතුරු අඟවති. ගොඩබෑමේ පිරිවැයට සාපේක්ෂව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලෙස අදාළ පෞද්ගලික සමාගම් රජයෙන් ඉල්ලීම් කර සති දෙකකට වැඩි කාලයක් ගතව ඇතත්, රජය මෙතෙක් ඊට කිසිදු නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැත. ගැටලුව සාකච්ඡා මාර්‍ගයෙන් විසඳා ගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශයෙන් වේලාවක් ඉල්ලා ලිඛිතව දැනුම් දුන්න ද ඊට ද මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නොමැති බව බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Google AdSense

In-Article Ad