FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යලිත් තෙල් මිල වැඩිවුණත් සහනාධාර දෙන බව ජනපති කියයි

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවුවත් සහනාධාරයක් දී එය පාලනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අනුව ඔක්තෝම්බර් 01 වනදා තෙල් මිල වැඩි කළ යුතු වුවත්, සහනාධාරය ලබාදී එය පාලනය කරන බවයි අකුරැස්සේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ. “දැන් මැදපෙරදිග යුද්ධෙ පටන් ගත්තා . ආයෙ අප්‍රේල් මාසෙ තිබුණු තෙල් මිලටම ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඇවිල්ලා තියෙනවා . ලොකු පීඩනයක් දැන් අපිට ඇවිල්ලා තියෙනවා . හැබැයි අපි බැලුවෙ මොකක්ද? ඒ ලෝක වෙළෙඳපොළේ දැන් සමහර අයට කිව්වනේ, ඉස්සර කියනවා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යනකොට ඉහළ දාන්න නම් ආණ්ඩුවක් මොකටද කියලා . අපි මේ සැරේ ලෝක වෙළෙඳපොළේ ගානට ඉහළ දැම්මෙ නෑ . අපි මොකද කළේ? හැම ඩීසල් ලීටරයකටම අප්‍රේල්, මැයි, ජූනි, ජූලි කියලා මාස හතරෙම හැම ඩීසල් ලීටරයකටම ආණ්ඩුව රුපියල් සීයකින්… දැන් ආයෙ වැඩි වෙලා . ලෝක වෙළෙඳපොළ අනුව එළඹෙන ඔක්තෝබර් මාසයේ තෙල්… තෙල් මිල වැඩි කරන්න ඕනේ . එහෙන් ගෙනැල්ලා මිල ගණන් හදලා බලපුවාම පළවෙනිදට මිල වැඩි වෙන්න ඕනේ . හැබැයි අපි අපේක්ෂා කරනවා සහනාධාරයක් දීලා ඒක පාලනය කරන්න . ආණ්ඩුවක් තියෙන්නේ එහෙමයි .” මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේදී විපක්ෂයේ කණ්ඩායම් කලබලයට පත්ව ඇති බවයි. “ඒ නඩු තියෙන අය කලබලයට පත් වෙනවා . මේ දවස්වල වැඩියෙන් ටිකක්, හොඳේ? කලබලයට පත් වෙනවා . ඇයි කලබලයට පත් වෙන්නේ? අර පැරණි සමාජයේ ඒගොල්ලෝ හිතුවා, ඒගොල්ලෝ නීතියට වඩා උඩින් කියලා හිතුවා . ඒ නිසා පැරණි සමාජයේ අය හිහ් ඒ අය හිතුවා, මේ ගහක වැටුණු පොල් ගෙඩි අටක් ඇහින්දොත්, එයාට හිර දඬුවම් . හැබැයි එයා ලංකාවගෙ සුපිරි ගේම් එකක් ගැහුවාම, ආරක්ෂාව . හිතුවේ එහෙමයි . එහෙම තමයි මේ සමාජයේ තිබුණේ . ඒ කියන්නේ පැරණි සමාජයේ ආකල්පයක් තිබුණා, නීතියට යටත් වෙන්නේ සාමාන්‍ය මිනිස්සු විතරයි . සාමාන්‍ය මිනිස්සු විතරයි . නීතියට යටත් වෙන්නේ නෑ කවුද? උඩ ඉන්න අය . හැබැයි ලංකාවේ පළමු වතාවට හිටපු ජනාධිපතිවරයෙක් අධිකරණයට ගෙනැල්ලා මාංචු දාලා රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙනවා . එතකොට මොකද වෙන්නේ? අලුත් පරිවර්‍තනයක් . මොකක්ද පරිවර්‍තනය? ඉස්සර නීතියට උඩින් හිටපු අයට, දැන් කවුරුත් නීතියට උඩින් නෑ . දැන් කවුරුත් නීතිය ඉදිරියේ සමානයි . මමද? අපේ මන්ත්‍රීවරයාද? මේ සෑම දෙනාම මතක තබා ගන්න, නීතිය ඉදිරියේ සමානයි . එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන දේ තමයි, අර පැරණි සමාජයේ නීතියේ ආරක්ෂාව, නීතියට යටත් නොවූ අය මොකද වෙන්නේ? කලබලයට පත් වෙනවා . කලබලයට පත් වෙනවා . සහ නීතිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය වන පනත් සම්මත කරනකොට, විරෝධය දක්වනවා .” .

Google AdSense

In-Article Ad