
මැලේසියානු පිල පැරදූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු උළෙලේ අවසන් පූර්‍ව තරගයට
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ 3 වන අර්‍ධ අවසන් පූර්‍ව තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් වුණා. ඒ, මැලේසියානු කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 86කින් ජය ගනිමින්. ජපානයේ නිෂින් හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 160 ක් රැස් කළා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ප්‍රබල පිතිහරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු පන්දු 37කදි ලකුණු 63 ක් ලබාගත්තා. ඇයගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වුණා. කවීෂා දිල්හාරි නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 44 ක්. හර්‍ෂිතා සමරවික්‍රම ලකුණු 25ක් සහ හසිනි පෙරේරා ලකුණු 44 ක් රැස් කළා. ලකුණු 161 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මැලේසියානු කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 74ක් පමණයි. පන්දු යැවීමේදිද දස්කම් පෑ චමරි අතපත්තු පන්දුවාර 2 කදි ලකුණු 3 කට කඩුළු දෙකක් බිද හෙළුවා. එමෙන්ම කවීෂා දිල්හාරි සහ මිතාලි අයෝධ්‍යා ද කඩුළු දෙක බැගින් දවා ගත්තා. ඒ අනුව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් බලාපොරොත්තු තවදුරටත් තහවුරු කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සැප්තැම්බර් 20 වනදා පැවැත්වෙන පළමු අවසන් පූර්‍ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. .
Google AdSense
In-Article Ad

