FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මාලිමා සභාපතිගේ සහෝදරයා තමන්ගේ තුවක්කුව පත්තු වී මිය යයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ නාගොල්ලගම, පොතුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි සුජීව පුෂ්ප කුමාර නමැති අයෙකි. වෘත්තියෙන් ගොවියෙකු වන ඔහු, පසුගිය 05 වැනිදා රාත්‍රී කාලයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද රැගෙන නිවසින් පිටතට ගොස් ඇති බව පොලිස් විමර්‍ශනවලදී අනාවරණය වී ඇත. නිවස අසල පිහිටි කඩුල්ලක් අසලින් ගමන් කිරීමේදී ඔහු අත තිබූ ගිනි අවිය හදිසියේ පත්තු වී ඇති අතර, ඉන් ඔහුගේ සිරුරට බරපතළ හානි සිදුව තිබේ. තුවාලකරු වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) දහවල් ඔහු මියගොස් තිබේ. පොලිසිය සැක කරන්නේ මියගිය පුද්ගලයා සතුන් දඩයම් කිරීමේ අරමුණින් මෙම ගිනි අවිය රැගෙන යන්නට ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නාගොල්ලගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්‍ශන පවත්වයි.

Google AdSense

In-Article Ad