
එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් යුක්‍රේනයේ ප්‍රධාන අභිචෝදක ඉල්ලා අස්වෙයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
යුක්‍රේනයේ නීති විරෝධී ඇමතුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් එරට ප්‍රධාන අභිචෝදක රුස්ලාන් ක්‍රව්චෙන්කෝ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. යුක්‍රේන දූෂණ මර්‍දන විමර්‍ශකයින් විසින් ඔහුගේ කාර්‍යාලය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි ඔහු මෙලෙස ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත්තේ. අදාළ ඇමතුම් මධ්‍යස්ථාන මගින් සිදුකළ වංචා ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රව්චෙන්කෝගේ කාර්‍යාලයේ නිලධාරියෙකු ඇතුළු පිරිසක් විශාල වශයෙන් අල්ලස් ලබාගෙන ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. කෙසේ වෙතත්, සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් රුස්ලාන් ක්‍රව්චෙන්කෝ සඳහන් කර ඇත්තේ තමන්ට එල්ල වූ චෝදනා සම්පූර්‍ණයෙන්ම පදනම් විරහිත බවත්, සිය තනතුර දේශපාලන ගැටුම් සඳහා මෙවලමක් කරගැනීමට ඉඩ නොදෙන බවයි. රුසියානු යුදමය වාතාවරණය හමුවේ වුවද ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කිගේ සමීපතමයින්ට එරෙහිව පවා දිගින් දිගටම මෙවැනි දූෂණ චෝදනා එල්ල වීම විශේෂත්වයක්. .
Google AdSense
In-Article Ad

