FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලිට්‍රෝ ගෑස් මිල පහළට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ගණන් අද සිට පහත දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සියයකින් අඩු කළ බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. එම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,365 ක් වනවා. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 42 කින්. එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,750 ක් වන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 20 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව රුපියල් 815 ක් වන බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පැවසුවේ .

Google AdSense

In-Article Ad