FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

විනිසුරු ධුර 07ක් පුරප්පාඩුයි..: මං දන්නෑ ජනාධිපති කාර්‍යාලයෙන් අහන්නැයි අධිකරණ ඇමති කියයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මේ පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්‍ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, මෙම පත්කිරීම් සිදුකිරීම ජනාධිපති කාර්‍යාලය මගින් මෙහෙයවනු ලබන කටයුත්තක් බැවින් ඒ පිළිබඳව තොරතුරු එම කාර්‍යාලයෙන් විමසන ලෙසයි. තමා ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්‍දේශ කරන ලද සජීවනී දිල්කා ලක්මාලි කරුණානායක මෙනවියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පසුගියදා හිමි විය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඇයව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කරනු ලැබීය. අදාළ පුරප්පාඩුව සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණද, ඔහු විසින් නිර්‍දේශ කර තිබුණේ කරුණානායක මෙනවියගේ නම පමණක් බව වාර්‍තා වේ. මෙම විනිසුරු පුරප්පාඩු සම්බන්ධයෙන් පසුගියදා පාර්‍ලිමේන්තුවේදී ද දීර්‍ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. මෙහි ඇති විශේෂත්වය වන්නේ පවතින පුරප්පාඩුවලින් සමහරක් මාස හයකට වැඩි කාලයක් තිස්සේ පිරවීමකින් තොරව පැවතීමයි.

Google AdSense

In-Article Ad