
සිසුන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමට මෙහෙයුමක්.. නිවසේදීම පරීක්ෂා කරන්න ‘ඩ්‍රග් ටෙස්ට් කිට්’ වෙළඳපොළට...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
විශේෂයෙන්ම දරුවන්ගේ හැසිරීම් සහ ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිස්පතිවරයා මෙහිදී දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේය. මත්ද්‍රව්‍ය මර්‍දනය සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති ජාතික කමිටුව වෙත විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතය කල්තියා හඳුනාගත හැකි ක්ෂණික මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල මහජනතාවට පහසුවෙන් ලබාගත හැකි පරිදි වෙළඳපොළට හඳුන්වා දීමට අපේක්ෂා කරන බවත් පොලිස්පතිවරයා පැවසීය. මෙමගින් දෙමාපියන්ට තම දරුවන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි රහසිගතව පරීක්ෂා කිරීමට අවස්ථාව සැලසෙන අතර, දිගුකාලීන සැලසුමක් ලෙස මෙම කට්ටල සිල්ලර වෙළඳසැල් හරහා පවා ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත. ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභා රැස්වීමේදී ද මේ පිළිබඳව දීර්‍ඝ ලෙස සාකච්ඡා වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වන, මත්ද්‍රව්‍ය භාවිත කරන හෝ අපරාධවලට සම්බන්ධ වන කිසිදු නිලධාරියෙකුට ශ්‍රී ලංකා පොලිස් සේවය තුළ ඉඩක් නොමැති බව පොලිස්පතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කළේය. එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, පොලිස් සේවයේ විනය සහ අවංකභාවය රැකීම තම ප්‍රමුඛතම කාර්‍යය බවත් ඔහු පැවසීය. පසුගිය කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් ඉහළ යාමට හේතුව මහජනතාව පොලිසිය කෙරෙහි තබන විශ්වාසය ඉහළ යාම බව පෙන්වා දුන් ඒ මහතා, ජනතාවගෙන් ලැබෙන විශ්වාසනීය තොරතුරු මත මහා පරිමාණ වැටලීම් රැසක් සාර්‍ථක කර ගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය. විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවන් සහ බන්ධනාගාර තුළ සිට ක්‍රියාත්මක වන අපරාධ කල්ලි මර්‍දනය කිරීමට ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස්පතිවරයා අනාවරණය කළේය. එමෙන්ම, පොලිස් සේවයේ පවතින නිලධාරී හිඟය පියවීම සඳහා අලුතින් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත්, දැනටමත් 1,500ක් පුහුණුව ලබමින් සිටින බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත පිහිටුවා ඇති විශේෂ කමිටු පහක් හරහා මත්ද්‍රව්‍ය සැපයුම සහ ඉල්ලුම යන අංශ දෙකම පාලනය කිරීමට කටයුතු කරන බවත්, මෙම ජාතික මෙහෙයුම සාර්‍ථක කර ගැනීමට මහජන සහභාගීත්වය අත්‍යවශ්‍ය බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Google AdSense
In-Article Ad

