
විශ්‍රාමය දිගු කරන විනිසුරන් අහන්නේ රටේ නඩු වලින් 1% ක් පමණයි.. නඩු ඉක්මන් වීමක් නෑ..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය වෛද්‍යවරුන් හෝ ඉංජිනේරුවන් වැනි අනෙකුත් වෘත්තිකයන් සමඟ සැසඳිය නොහැකි බවයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ වැටුප් ව්‍යවස්ථාවෙන්ම තීරණය කර ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහ විධායකයට ඔවුන් කෙරෙහි බලපෑම් කිරීමට ඇති ඉඩකඩ ඇහිරීමට බව ඔහු අවධාරණය කළේය. රටේ පවතින නඩු ප්‍රමාදය පිළිබඳව අදහස් දක්වමින් රණවක මහතා කියා සිටියේ මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11ක් පමණ ගොඩගැසී ඇති බවයි. ඉන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ පවතින්නේ සමස්ත නඩු ප්‍රමාණයෙන් 1%ක් වැනි සුළු ප්‍රමාණයක් බවත්, එම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමෙන් සමස්ත නඩු ප්‍රමාදයට විසඳුම් නොලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) වැනි නවීන ක්‍රමවේදයන් අධිකරණ පද්ධතියට හඳුන්වා දිය යුතු බවත්, ඒ සඳහා තරුණ වෘත්තිකයන්ගේ දායකත්වය ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය. ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය පිටුපස සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍රයක් පවතින බවට චෝදනා කළ රණවක මහතා, 2027 වසරේදී ජනමත විචාරණයක් පවත්වා බලය තවදුරටත් තහවුරු කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බව ප්‍රකාශ කළේය. 2028 වසරේ සිට ණය ගෙවීමට සිදුවන බැවින්, ඊට පෙර විරුද්ධ පක්ෂයේ ප්‍රබල නායකයන් හොරුන් ලෙස හංවඩු ගසා සිරගත කිරීම ආණ්ඩුවේ සැබෑ අරමුණ බව ඔහු පැවසීය. රට ආර්‍ථික වශයෙන් බංකොලොත් කළ, තෙල් සහ ගෑස් අර්‍බුද නිර්‍මාණය කළ හෝ භාණ්ඩාගාරයට කෝටි ගණනක පාඩු සිදුකළ පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බව රණවක මහතා මෙහිදී සිහිපත් කළේය. කන්ටේනර් 323ක සිදුවීම, ගල්අඟුරු නැව් ගනුදෙනු සහ ඩීසල් වංචා වැනි බරපතළ දූෂණ චෝදනා පවතිද්දී, පෝස්ටර් ඇලවීම වැනි සුළු කරුණු මත විරුද්ධවාදීන් දඩයම් කිරීමට උත්සාහ කිරීම හාස්‍යයට කරුණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

