FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පලෙයි කැලේ LTTE කදවුර වටලයි.. අහසට වෙඩි...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසම නම් සංවිධානයක විධායක අධ්‍යක්ෂ ආචාර්‍ය සංගීත් ජයසේකර නම් පුද්ගලයෙකු විසින් විසින් පසුගියදා (14) වනදා සිදු කරන ලද මධ්‍ය සාකච්ඡාවකදී චෝදනා එල්ල වූයේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ කඳවුරක් ඉදිකරමින් පවතින බවයි. කෙසේ වෙතත් මූලික විමර්‍ශනවලදී අනාවරණය වී ඇත්තේ අක්කරායන්කුලම් වන රක්ෂිතයේ අක්කර 30කට අධික භූමි ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කරමින්, රජයේ කිසිදු අනුමැතියකින් තොරව මෙම කටයුතු සිදුව ඇති බවයි. 'Mee Massoo TV' නාලිකාවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා පෙන්වා දෙන පරිදි, 'නෙක්ස්ටර් ෆාම්' නමැති ව්‍යාපෘතියක් යටතේ කෝමාරිකා වගා කරන මුවාවෙන් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර අනවසරයෙන් රක්ෂිත හෙළි කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අදාල බලධාරීන් විසින් මීට එරෙහිව කටයුතු කර ඇති බව වාර්‍තාවේ. පසුගිය ජුලි මාසයේ මෙම ස්ථානයේ වැටලීමක් සිදු කරන අවස්ථාවේදී එහි සිටි පිරිස සහ වන සංරක්ෂණ නිලධාරීන් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්‍ය බලකාය විසින් අහසට වෙඩි තැබීමට ද සිදු ව ඇති බව වාර්‍තාවනවා. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනා සහ එහි තිබූ ජේ.සී.බී යන්ත්‍රයක් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, පසුව ඔවුන් ඇප මත මුදා හැර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 18 නැවත කැඳවීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ ආචාර්‍ය සංගීත් ජයසේකර මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඉදිරියේදී ත්‍රස්ත විමසන කොට්ඨාශය වෙත කැඳවීමට ද පියවර ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවද මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අනාවරණය කර තිබෙනවා. මෙතෙක් සිදු කරන ලද විමර්‍ශනවලදී අදාළ ස්ථානය ත්‍රස්තවාදී කඳවුරක් ලෙස යොදාගත් බවට කිසිදු තොරතුරක් හමුවේ නොමැති බව ද සඳහන්.

Google AdSense

In-Article Ad