FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යුද්ධය අස්සේ නාවික හමුදාපතිවරු ඇතුළු ලොක්කෝ ගැහැණු පහකුත් උස්සලා අතුරුදන් කරලා... රහස් බිත්තිවලින් එළියට ආ බිහිසුණු කතාව!

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

මෙරට අතිශය ආන්දෝලනාත්මක සහ බරපතලම අපරාධ නඩුවක් වන කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳව යටපත් වී තිබූ තීරණාත්මක තොරතුරු රැසක් මේ වන විට නැවතත් අධිකරණය හමුවේ අනාවරණය වෙමින් පවතියි. කාලයක් තිස්සේ වසන් කිරීමට උත්සාහ කළ මෙම බිහිසුණු සිදුවීම් මාලාව සහ ඊට සම්බන්ධ ප්‍රබලයින්ගේ මුහුණුවර දැන් රට හමුවේ එළිදරව් වෙමින් තිබේ. ගන්සයිඩ් බිත්තියෙන් හමු වූ රහස් සටහන ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුර අභ්‍යන්තරයේ පිහිටි 'ගන්සයිඩ්' නමැති අධි-ආරක්ෂිත කලාපයේ මෙම තරුණයින් රඳවා සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව (CID) මගින් තහවුරු කරගෙන තිබුණි. විමර්‍ශකයන් විසින් සිදුකළ සෝදිසි කිරීම්වලදී ගන්සයිඩ් කඳවුරේ බිත්තියක සටහන් කර තිබූ ලිපිනයක් හමු වූ අතර, එය පැහැරගැනීමට ලක්ව ඝාතනය වූ ශාන්ත සමරවීර නමැත්තාගේ අත්අඩංගුවෙන් ලියන ලද්දක් බව පසුව අනාවරණය විය. ශාන්ත සමරවීර පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව නාවික හමුදා නිලධාරී සුමිත් රණසිංහ මෙන්ම හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න ද අත්අඩංගුවට පත්විය. තවද, මෙම ගන්සයිඩ් අපරාධ ස්ථානයේ කාන්තාවන් හයදෙනෙකු ද රඳවා තබාගෙන ඇති අතර, ඔවුන්ගෙන් පස්දෙනෙකුම ඝාතනය කර ඇති බවට බරපතල තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතියි. නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු සැකකරුවන්ගේ ලැයිස්තුවට මෙය සාමාන්‍ය අපරාධයක් නොව නාවික හමුදාවේ ඉහළම නිලධාරීන් සම්බන්ධ වූ සංවිධානාත්මක අපරාධයක් බව පැහැදිලි වන්නේ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු වන: වසන්ත කරන්නාගොඩ රවීන්ද්‍ර විජේගුණරත්න නිශාන්ත උළුගෙතැන්න යන මහත්වරුන් මෙම සිදුවීම් දාමයේ සැකකරුවන් ලෙස නම් වී තිබීම නිසාය. හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා CID යට ලබා දුන් ප්‍රකාශයකට අනුව, ඔහු නැඟෙනහිර භාරව කටයුතු කළ කාලයේදී පවා 'ගන්සයිඩ්' කලාපයට ඔහුට ඇතුළු වීම වළක්වා තිබූ අතර, එහි සම්පූර්‍ණ පාලනය වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික සහකාර වූ ඩී.කේ.පී. දසනායක යටතේ පැවැති බව හෙළි විය. නාවික හමුදාව තුළ ක්‍රියාත්මක වූ බුද්ධි නිලධාරීන්ගෙන් සැදුම්ලත් කප්පම් කල්ලියක් විසින් මෙම පැහැරගැනීම් සිදුකර ඇති බවට CID ය අධිකරණයට තහවුරු කළේය. විමර්‍ශන අඩාල කිරීමට දැරූ උත්සාහයන් මෙම විමර්‍ශනය මෙහෙයවූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මීගමුව පොලිසියට මාරු කර යවමින් විමර්‍ශන අඩාල කිරීමට හිටපු නාවික හමුදාපති රවී විජේගුණවර්‍ධන කටයුතු කළ නමුත්, ජාතික පොලිස් කොමිසම මගින් එය අත්හිටුවීමට පියවර ගන්නා ලදී. එමෙන්ම 2018 වසරේ පැවැති දේශපාලන වෙනස්කම් හමුවේ සහ පසුව පත් කළ ගෝඨාභය රාජපක්ෂගේ 'දේශපාලන පළිගැනීම් කොමිසම' මගින් කරන්නාගොඩ සහ දසනායකට එරෙහි නඩු විභාග අත්හිටුවීමට නිර්‍දේශ කළද, එල්ල වූ දැඩි සමාජ විරෝධය හමුවේ එම නිර්‍දේශ හකුළා ගැනීමට සිදුවිය. චෝදනා 667ක් සහ වසර 17ක අසංතෘප්ත යුක්තිය 2008 අගෝස්තු 08 සිට 2009 සැප්තැම්බර් 21 අතර කාලයේදී කස්තුරි ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, කප්පම් ගැනීම සහ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර ඇත. කෙසේ වෙතත්, මෙම බරපතල අපරාධය සිදු වී වසර 17ක් ගතවී තිබුණද, යුක්තිය ඉටුවන තෙක් මඟබලා සිටි අතුරුදන් වූ තරුණයන්ගේ දෙමාපියන් කිහිපදෙනෙකුම මේ වන විටත් මරණයට පත්වී අවසන්‍ය. අපරාධකරුවන් මෙතෙක් භුක්ති විඳි අභයභූමිය (මුක්තිය) අහෝසි කර, විපතට පත් වූවන් වෙනුවෙන් ප්‍රමාදයකින් තොරව යුක්තිය ඉටුකිරීම සමස්ත සමාජයේම අභිලාෂයයි.

Google AdSense

In-Article Ad