FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හැමදාම ලොරිවල යන්න බෑ.. මෙට්‍රො ගේන්නේ ඒ නිසා.. බස් මාෆියාව ඒකට විරුද්ධයි...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

රටේ පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කරමින් ජනතාවට පහසුකම් සැලසීමට රජය ගන්නා උත්සාහයන්ට, ඉන් අවාසි සිදුවන විවිධ මාෆියා කණ්ඩායම් විරුද්ධ වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. ෆිදෙල් කැස්ත්‍රෝ ගුණසමරු උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේ, රජය අපහසුතා මධ්‍යයේ වුවද 'මෙට්‍රෝ බස්' වැනි නවීන ප්‍රවාහන සේවාවන් හඳුන්වා දීමට කටයුතු කරන විට, ඉන් තමන්ගේ ලාභය අඩුවන පිරිස් ඊට එරෙහිව විවිධ මතවාද පතුරුවන බවයි. "ඇතැම් අය කියනවා මේවා අපේ රටට හරියන්නේ නැහැ, මේවා යුරෝපයට විතරයි හරියන්නේ කියලා. එහෙම කියන්නේ අපි හැමදාම ලොරිවල වගේ දුක් විඳිමින් යන්න ඕනෙ කියලද?" යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියේය. ඕනෑම ක්ෂේත්‍රයක යහපත් වෙනසක් සිදු කිරීමට යාමේදී ඊට එරෙහිව ප්‍රතිරෝධයන් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවත්, මත්ද්‍රව්‍ය පාලනය, පාතාලය මර්‍දනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සහ රාජ්‍ය සේවයේ විනය ඇති කිරීමට යාමේදී ද එම ක්ෂේත්‍රවලින්ම විරෝධතා එල්ල වන බවත් ඔහු පෙන්වා දුන්නේය. වංචාවෙන් සහ දූෂණයෙන් ජීවත් වූ පිරිස් එම කටයුතු නතර කරනවාට කිසිසේත්ම කැමති නොවන බවත්, රජයේ වගකීම වන්නේ එම බාධක තේරුම් ගෙන ජනතාව වෙනුවෙන් යහපත් දේ කිරීමට ධෛර්‍යවන්තව ඉදිරිපත් වීම බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. Government Faces Opposition from Mafias Amid Efforts to Modernize Public Transport System The government’s efforts to enhance the public transportation system for the benefit of citizens are encountering resistance from various mafia groups, according to Tilvin Silva, the General Secretary of the Janatha Vimukthi Peramuna (People’s Liberation Front). He made this statement while participating in the Fidel Castro commemoration ceremony. Silva further elaborated that while the government is striving to introduce modern transportation services like the 'Metro Bus' amidst various difficulties, factions that fear a decrease in their profits are spreading negative narratives against these initiatives. “Some claim that such systems are not suitable for our country, only for Europe. Are they suggesting we should continue to endure daily hardships like those experienced in vehicles?” he questioned. He acknowledged that facing resistance is common when implementing positive changes in any sector. Silva pointed out that similar oppositions often arise during efforts to control drugs, dismantle rackets, reform prisons, and restore discipline in public service. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad