
ඉංග‍්‍රිසි දැනුමින් ලංකාව ඉදිරියට..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලකුණු 486ක් ලබා ගනිමින් ආසියානු කලාපයේ 09 වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර, ඉන්දියාව ලකුණු 484ක් ලබා ගනිමින් 10 වැනි ස්ථානයට පත්ව ඇත. ලෝකයේ රටවල් 123ක් අතරින් ශ්‍රී ලංකාව සමස්ත දර්ශකයේ 73 වැනි ස්ථානය දිනාගෙන තිබේ. කෙසේ වෙතත්, දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් වන නේපාලය (ලකුණු 514), බංග්ලාදේශය (ලකුණු 506) සහ පකිස්ථානය (ලකුණු 493) යන රටවල් ඉංග්‍රීසි ප්‍රවීණතාව අතින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරි මට්ටමක පසුවීම විශේෂත්වයකි. ආසියානු කලාපයේ ඉහළම ඉංග්‍රීසි ප්‍රවීණතාවක් සහිත රට ලෙස මැලේසියාව ලකුණු 581ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අතර, පිලිපීනය දෙවැනි ස්ථානයත්, හොංකොං තෙවැනි ස්ථානයත් හිමිකරගෙන ඇත. ලොව පුරා වැඩිහිටියන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව මැන බැලීම සඳහා වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම ගෝලීය දර්ශකයට අනුව, ශ්‍රී ලංකාව තවමත් වර්ගීකරණය කර ඇත්තේ අඩු ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවක් සහිත රටවල් කාණ්ඩයටය.
Google AdSense
In-Article Ad

