FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාස්කු මහ නඩුවේ තීන්දුව ළඟදීම.. සාක්ෂි විභා­ගය අව­සන්... මරාගෙන මැරෙන සාමාජිකයකු රජයේ සාක්ෂිකරුවකු බවට..

FM Heart · 6 min read

Google AdSense

After Featured Image

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් නවු­ෆර් මවු­ලවි ඇතුළු විත්ති­ක­රුවෝ 24 දෙන­කුට එරෙ­හිව විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුව ළඟ­දීම ප්‍රකා­ශ­යට පත්කි­රී­මට නිය­මි­තය. 11 රාත්‍රිය වන විට පැමි­ණිලි පාර්ශ්වයේ අව­සාන සාක්ෂි ඉදි­රි­පත් කිරීම සිදු­විය. වසර 5කට ආසන්න කාල­යක් තුළ දින 245ක් පමණ දීර්ඝ වශ­යෙන් ඉදි­රි­පත් කෙරුණු පැමි­ණිල්ලේ නඩුව 11 නිමා විය. මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ (සභා­පති), සුජීව නිශ්ශංක සහ රාම­නා­දන් කන්නන් යන සෙසු මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රු­න්ගෙන් සම­න්විත කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ මෙම නඩුව විභාග වේ. පැමි­ණිල්ලේ නඩුව අව­සන් වීමෙන් පසු විත්තියේ සාක්ෂි විම­සීම සිදුවේ. අන­තු­රුව දෙපා­ර්ශ්වයේ ලිඛිත දේශන ඉදි­රි­පත් කිරී­මෙන් පසු තීන්දුව සඳහා දින නියම කිරීම සිදුවේ. පාස්කු ඉරිදා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් නඩු 31ක් පවරා ඇත. එම නඩු අත­රින් නඩු 5ක් ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ හමුවේ විභාග වේ. ඉන් නඩු 3ක තීන්දු මේ වන විට ප්‍රකා­ශ­යට පත්කර වැරැ­දි­ක­රු­වන්ට දඬු­වම් නිය­මව තිබේ. නිසි බුද්ධි තොර­තුරු ලැබී තිබි­යදී රාජ­කා­රිය පැහැර හැරීම ඇතුළු චෝදනා 854කට වර­ද­කරු කෙරුණු හිටපු ආර­ක්ෂක ලේකම් හේම­සිරි ප්‍රනාන්දු සහ හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්ද­රට එරෙ­හිව පව­රන ලද ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ නඩු­වෙන් ඔවුන් වර­ද­ක­රු­වන් වී මරණ දඬු­වම නියම වී ඇත. ඊට අම­ත­රව මාව­නැල්ල ප්‍රදේ­ශයේ බුද්ධ ප්‍රතිමා 7කට හා දේව ප්‍රති­මා­ව­කට අලා­භ­හානි කිරීම සම්බ­න්ධ­යෙන් සබ­ර­ග­මුව පළාත් ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ විභාග වූ නඩු­වෙන් වැරැ­දි­ක­රු­වන් වූ විත්ති­ක­රු­වන් 11 දෙන­කුට ද දඬු­වම් නිය­මව ඇත. මෙම නඩු තුනේ තීන්දු ප්‍රකා­ශ­යට පත්ව ඇති අතර තවත් නඩු තුනක තීන්දු ප්‍රකා­ශ­යට පත්කි­රී­මට නිය­මි­තය. පුත්ත­ලම, ලැක්ටෝස් වත්ත ප්‍රදේ­ශයේ ත්‍රස්ත පුහුණු කඳ­වු­රක් සහ පුපු­රන ද්‍රව්‍ය ගබ­ඩා­වක් පව­ත්වා­ගෙන යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විත්ති­ක­රු­වන් 6 දෙන­කුට පුත්ත­ලම ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ පව­රන ලද නඩුව සහ කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ විත්ති­ක­රු­වන් 24 දෙන­කුට එරෙ­හිව විභාග වන මහ නඩුවේ සාක්ෂි විභා­ගය සිදුවේ. එම නඩු කාර්ය­ක්ෂ­මව විභාග කිරීම සඳහා පුත්ත­ලම ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ විභා­ග­යට ගැනුණු නඩුව ද පසු­ගිය මාස 2කට පමණ පෙර සිට කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ විභාග වේ. කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය අලු­ත්කඩේ පැරැණි මහේ­ස්ත්‍රාත් උසාවි සංකී­ර්ණයේ ස්ථාපිත කළ නව ගොඩ­නැ­ඟි­ල්ලට ගෙන යෑමෙන් පසු පාස්කු මහ නඩුව දින­පතා විභා­ග­යට ගැනීම සිදුවේ. පසු­ගිය කාලය තුළ නඩුව දින­පතා රාත්‍රී 10.00 පමණ වන තෙක් විභාග වූ අතර, අධි­ක­රණ වාර නිවා­ඩුව යෙදෙන මෙම සති­යේද සුපු­රුදු පරිදි මෙම නඩුව විභාග වේ. පැමි­ණිල්ලේ සාක්ෂි විම­සී­මේදී විත්ති­ක­රු­වන් දුන් පාපෝ­ච්චා­රණ කිහි­ප­යක් ස්වේච්ඡා­වෙන් දී ඇති බව ඒ සඳහා පැවැති සත්‍යතා පරී­ක්ෂ­ණ­යේදී සනාථ විය. නඩු විභා­ග­යේදී සහ­රාන්ගේ මරා­ගෙන මැරෙන කණ්ඩා­යමේ සාමා­ජි­ක­යකු රජයේ සාක්ෂි­ක­රු­වකු වෙමින් කරුණු රැසක් අනා­ව­ර­ණය කළේය. මෙම නඩුව මුල් කාලයේ විභාග වූයේ මස­කට වරකි. පසුව සති­යට දින 2-3ක් විභාග කෙරුණු අතර, පසු­ගිය වසරේ සිට නඩු විභා­ගය දින­පතා සිදුවේ. මේ වන විට දින 245කට ආසන්න කාල­යක් පැමි­ණිල්ලේ සාක්ෂි විභා­ග­යට ගෙන තිබේ. නඩු විභා­ගය කාර්ය­ක්ෂම කිරීම සඳහා ගත් පිය­වර නිසා සාමාන්‍ය ක්‍රම­වේ­දය අනුව වසර 10ක් හෝ ඊටත් වැඩි කාල­යක් විභාග වීමට නිය­මි­තව තිබුණු මෙම නඩුව, පැමි­ණිල්ලේ නඩුව අව­සන්ව තීර­ණා­ත්මක අව­ස්ථා­ව­කට පැමිණ තිබේ. ජ්‍යෙෂ්ඨ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් හරි­ප්‍රියා ජය­සු­න්දර, අති­රේක සොලි­සි­ටර් ජන­රාල් සුද­ර්ශන ද සිල්වා, අධි­නී­ති­ඥ­ව­රුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගො­ඩ­ආ­රච්චි, අකිලා දල්ප­දාදු යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත නීතිඥ කණ්ඩා­ය­මක් පැමි­ණිල්ල මෙහෙ­ය­වයි. චන්දන ජය­වීර Dinamina Verdict Expected Soon in Easter Sunday Terror Attack Case Involving 24 Defendants The trial concerning the Easter Sunday terrorist attacks, which has involved 24 defendants including the notorious Nawfer Maulavi, is set to conclude soon with a decision anticipated to be announced shortly. The hearings have been an extensive legal engagement, stretching nearly five years and accumulating around 245 days of testimony. Just before 11 PM last night, the final pieces of evidence for the prosecution were presented. The high-profile case is being overseen by a three-judge panel of the Colombo Permanent High Court, led by Chief Justice Navaratne Marasinghe, alongside Justices Sujeewa Nisshanka and Ramanaadan Kannan. Following the conclusion of the prosecution’s case, examination of the evidence is expected to take place. Once the final written submissions from both sides are submitted, a date for the verdict will be set. In total, there are 31 cases related to the Easter Sunday attacks. Out of these, five cases are being processed in the Permanent High Court, with three verdicts already issued, leading to sentences for the convicted. These involved significant charges against former security chief Hemasiri Fernando and former Inspector General of Police Pujith Jayasundara, who were sentenced to death after being found guilty of 854 counts, including alleged negligence in handling intelligence reports prior to the attacks. Separately, the Sabaragamuwa Provincial High Court has also heard cases pertaining to damages inflicted on seven Buddhist statues and several deities in the Mawanella area, where 11 defendants have similarly been sentenced for their offenses. The verdicts for these cases have already been published, with more awaiting formal announcement. The ongoing significant case concerning the Easter Sunday attacks has also seen related charges against six defendants linked to a terrorist training camp and the possession of explosives in the Puttalam region. The trials are expected to proceed efficiently within the Colombo High Court system. Despite the complexity and length of the hearings, which recently have extended till around 10 PM nightly, they have been conducted with notable regularity, even during the judicial recesses this week. During the court proceedings, several testimonies have corroborated claims made by the accused, with a key witness providing insights while serving as a government witness. This testimony has contributed to the ongoing investigative narrative surrounding the attacks. Initially, the trial was conducted on a monthly basis, shifting to two to three days a week, and has transitioned to daily hearings over the past year. To date, the court has spent approximately 245 days on the evidence in this critical case. The defense and prosecution teams are composed of an esteemed group of legal professionals, including Senior Additional Solicitor General Haripriya Jayasundara, Additional Solicitor General Sudarshan de Silva, and several senior attorneys, ensuring rigorous representation on both sides. Chandana Jayawira Dinamina *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad