
ජනපති කතරගමට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර ඊයේ රාත්‍රියේ විථි සංචාරය කෙරුණා. පෙරහර නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක් වුණා. ඊයේ පස්වරුවේ පළමුව ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව දහස් සංඛ්‍යාත ජනතාව සමඟ පෙරහර නැරඹීමට ජනාධිපතිවරයා එක් වුණා. ඓතිහාසික කිරිවෙහෙර අභියස පැවති ආගමික වතාවත්වලටද සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරිමේ අවස්ථාවට එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. මේ අතර කිරි වෙහෙර පරිශ්‍රයේ විදුලි ආලෝකය විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. .
Google AdSense
In-Article Ad

