FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

දහම් සිරිසේනගේ Elcardo මස්සිනා ඇතුළු තුනක් රිමාන්ඩ්.. දැවැන්ත බදු වංචාවක්..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

කෝටි ගණනක බදු වංචා කළ බවට චෝදනා ලැබූ ප්‍රකට 'ඇල්කාඩෝ' (Elcardo) සමාගමේ හිමිකරුගේ පුත්‍රයා ඇතුළු දෙදෙනෙකු ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා (03) නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කොළඹ 07 පදිංචි අතිල රවිනක වීරරත්න සහ එම සමාගමේ සේවිකාවක වන අචිනි තාරකා මිහිරානි ඩයස් නමැත්තන්ය. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, ආනයනික භාණ්ඩ සඳහා සැබෑ වටිනාකමට වඩා අඩු වටිනාකම් සහිත ව්‍යාජ ඉන්වොයිස් ඉදිරිපත් කරමින් රජයට අයවිය යුතු අධික බදු මුදල් මොවුන් විසින් වංචා කර ඇති බවයි. එක් මර්සිඩීස් බෙන්ස් රථයක් ආනයනය කිරීමේදී පමණක් රුපියල් 4,145,581 ක බදු මුදලක් රජයට අහිමි කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. මීට අමතරව, සමාගමේ අභ්‍යන්තර ලේඛන පරීක්ෂා කිරීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ ගණනක සැකසහිත ඉන්වොයිස් සහ ණයවර ලිපි (LC) සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය වී ඇත. මෙම මහා පරිමාණ බදු වංචාවට සම්බන්ධ බවට සැකකෙරෙන ඇල්කාඩෝ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවන ලෙස ද රේගු නිලධාරීන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ තර්ක කළේ, විමර්ශන නිලධාරීන් විසින් සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි. එබැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, රේගු නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව තවත් ප්‍රධාන සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. මෙම අවස්ථාවේදී සැකකරුවන්ට ඇප ලබා දුනහොත් සාක්ෂි විනාශ කිරීමේ අවදානමක් පවතින බව ද ඔවුහු අවධාරණය කළහ. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, එදිනට විමර්ශනවල ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග කළේය.

Google AdSense

In-Article Ad