FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නේපාල මහා ගංවතුරෙන් මියගිය පිරිස 150 පනීසිය ගණනක් තවමත් අතුරුදන්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

නේපාලය සහ චීනයට අයත් ටිබෙට් දේශසීමා ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පිරිස 150 කට අධික බව විදෙස් මාධ්‍ය පවසනවා. විදේශිකයන් ඇතුළු සිය ගණනක් අතුරුදහන්ව ඇති බවයි එරටින් වාර්‍තා වන්නේ. නේපාල සංචාරක මණ්ඩලයට පවසන්නේ අතුරුදහන් වූවන් අතර ඉන්දියාවෙන් පැමිණි 100කට වැඩි පිරිසක්, ඇමරිකා එක්සත් ජනපදයේ 54ක්, එක්සත් රාජධානියේ 33ක් සහ නේපාල ජාතිකයින් 100කට වැඩි පිරිසක් වන බවයි. මොවුන් අතරින් වැඩිදෙනෙක් කයිලාශ මානසසරෝවර් වන්දනාවේ පැමිණි පිරිස් සහ සංචාරකයින් බව සඳහන්. චීන රාජ්‍ය මාධ්‍ය වාර්‍තා කරන්නේ ටිබෙට් දේශසීමා ආසන්නයේ පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් 265 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි. මායිම් මුරපොලවල් සහ ගොඩනැගිලි මතට විශාල ලෙස පස් සහ ජල කඳක් කඩා වැටී තිබෙනවා. සිද්ධියෙන් නේපාල පොලිස් නිලධාරීන්, හමුදා භටයින් 70කට අධික පිරිසක් මෙන්ම එම ප්‍රදේශයේ ජලවිදුලි ව්‍යාපෘතිවල සේවය කළ පිරිසක්ද අතුරුදහන් බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. මුලදී මෙම පස් කඩාවැටීමට හේතුව භූමිකම්පාවක් බව විශ්වාස කළද, ඇමරිකානු භූ විද්‍යාත්මක පර්‍යේෂණ (USGS) ආයතනය තහවුරු කළේ වාර්‍තා වූ ප්‍රබල කම්පනය නායයෑමක් හේතුවෙන් ඇති වූ එකක් බවයි. මේ වන විට නේපාල හමුදාව, පොලීසිය සහ සහන කණ්ඩායම් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් පුළුල් සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. .

Google AdSense

In-Article Ad