FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉන්දුනීසියාවේ භූ කම්පනයක් – ශ්‍රි ලංකාවට බලපෑමක් නැහැ

FM Heart · 1 min read

The Heart Academy
ඉන්දුනීසියාවේ ටුවාල් (Tual) නගරයට නිරිතදිගින් පිහිටි මුහුදු කලාපයේ රික්ටර් මාපකයේ 5.7 ක ප්‍රබලතාවයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ​අද අලුයම 3.36 ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ ටුවාල් නගරයේ සිට කිලෝමීටර් 270 කට ආසන්න දුරකින් පිහිටි මුහුදු තීරයේයි. ​එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ මෙම භූමිකම්පාව පොළොව මතුපිට සිට කිලෝමීටර් 128 ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවයි. ​භූමිකම්පාව සැලකිය යුතු ගැඹුරකින් සිදුවීම හේතුවෙන් සුනාමි අවදානමක් හෝ ඉන් සිදුවූ ජීවිත හා දේපළ හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්‍තා වී නැහැ. ​එමෙන්ම මෙම භූමිකම්පාව සිදුවූ ස්ථානය ශ්‍රී ලංකාවේ සිට බොහෝ දුරින් පිහිටා තිබීම සහ සුනාමි තත්ත්වයක් නිර්‍මාණය වී නොමැති වීම හේතුවෙන්, මෙමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි වාර්‍තා වන්නේ. .
99mobile