
ලලිත් පියුම් පෙරේරා අත්අඩංගුවට ගනී..
FM Heart · 1 min read
අත්අඩංගුවට ගන්නා ලද සැකකාර හිටපු සභාපතිවරයාව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් වැඩිදුර නීතිමය ක්රියාමාර්ග සඳහා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. නිසි චක්රලේඛ හෝ රාජ්ය ඉඩම් පැවරීමේ මාර්ගෝපදේශ උල්ලංඝනය කර මෙම ඉඩම අනීතිකව ලබාගෙන ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. ඒ ඔස්සේ රජයට රුපියල් ලක්ෂ 50කට අධික මූල්යමය පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ අතර සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද නියෝග කරන ලදී.

