FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වැඩිම වැස්ස කෑගල්ලේ මාලිබොඩට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ගෙවුණු පැය කිහිපය තුළ වැඩිම වර්‍ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්‍තා වන කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පවසනවා. එම අගය මිලිමීටර් 104ක්. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේම කළුපහන ප්‍රදේශයෙන් මිලිමීටර් 95.5 ක ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රදේශයෙන් මිලිමීටර් 85.5ක ද වර්‍ෂාපතනයක් ලැබී ඇති බවයි එම දෙපාර්‍තමේන්තුව පැවසුවේ. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. .

Google AdSense

In-Article Ad