FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අයවැය IMF කියන විදිහට හදන පොරොන්දුව මත ඊළග වාරිකයට එකගතාව...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මෙම එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 345 කට ආසන්න මූල්‍ය වාරිකයක් නිදහස් කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇත. ඒ සමඟම, මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබී ඇති සමස්ත මූල්‍ය සහාය SDR බිලියන 2.032 ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 ක් පමණ) දක්වා ඉහළ යනු ලබයි. කෙසේ වෙතත්, මෙම කාර්‍ය මණ්ඩල මට්ටමේ එකඟතාව විධායක මණ්ඩලයේ අවසන් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම ප්‍රධාන කරුණු දෙකක් සම්පූර්‍ණ කිරීම මත රඳා පවතින බව IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පපජෝර්‍ජියෝ මහතා නිවේදනය කරයි. ශ්‍රී ලංකා ආර්‍ථිකය අඛණ්ඩව කාර්‍තු 11 ක් පුරා ස්ථාවර වර්‍ධනයක් පවත්වා ගනිමින් 2026 වසරේ දෙවන කාර්‍තුවේදී සියයට 4.2 ක වර්‍ධනයක් අත්කරගෙන ඇති බව IMF වාර්‍තාව පෙන්වා දෙයි. සැප්තැම්බර් මාසයේ මතුපිට උද්ධමනය සියයට 8 ක තනි අගයක පැවතීම, 2026 අගෝස්තු අග වන විට නිල දළ විදේශ සංචිතය ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ යාම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය බොහෝ දුරට අවසන් වීම පිළිබඳවද එහි ප්‍රශංසාත්මකව දක්වා ඇත. එසේ වුවද, මැදපෙරදිග යුද ගැටුම්වල දිගුවීම සහ එහි තීව්‍රතාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති මෙන්ම එල්-නිනෝ කාලගුණික බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්‍ථිකයට තවමත් අවදානම් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි. ඒ අනුව, මැදපෙරදිග අර්‍බුදය හමුවේ ලෝක වෙළෙඳපොළ මිල ගණන්වලට අනුකූලව දේශීය ඉන්ධන මිල තීරණය කිරීමේ පිරිවැය ආවරණය වන මිල සූත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවත්, අවදානමට ලක්විය හැකි අඩු ආදායම්ලාභී ජනතාව ආරක්ෂා කිරීම සඳහා ඉලක්කගත මුදල් සහනාධාර නිසි පරිදි ලබා දිය යුතු බවත් දන්වා තිබේ. තවද, මධ්‍යකාලීන ආදායම් උපායමාර්‍ග ක්‍රියාත්මක කිරීම, 'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ යළි ගොඩනැගීමේ ප්‍රාග්ධන වියදම් කඩිනම් කිරීම සහ දූෂණ විරෝධී නීතිමය රාමුව ශක්තිමත්ව පවත්වාගෙන යාමේ වැදගත්කමද IMF පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්‍ය පී. නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් ආචාර්‍ය හර්‍ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්‍ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු මෙරට උසස් නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට එළඹ තිබේ.

Google AdSense

In-Article Ad