
දුෂණ විරොධී පනතේ සංශෝධන මගින් වත්කම් සගවන්න එපා..- කොළඹ IMF ප්‍රධානී
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්‍ජියෝ මහතා මේ බව සඳහන් කළේය. දූෂණ විරෝධී පනත ඉතා ශක්තිමත් නීතිමය ලියවිල්ලක් බව පෙන්වා දුන් ඒ මහතා, යෝජිත නව සංශෝධන මඟින් වත්කම් ප්‍රකාශ කිරීමේ රාමුව සහ සමස්ත දූෂණ විරෝධී වැඩපිළිවෙළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම වත්කම් ප්‍රකාශ භාවිතය සීමා කිරීම හේතුවෙන් මහජන විවාදයක් නිර්‍මාණය වී ඇති බවත්, එමඟින් රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම හා විනිවිදභාවය දුර්‍වල වීමට ඉඩ නොතැබිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය. වත්කම් ප්‍රකාශ ලබාගැනීමේ විෂය පථය කිසිසේත්ම පටු හෝ අසම්පූර්‍ණ නොවිය යුතු බව අවධාරණය කළ දූත මණ්ඩල ප්‍රධානියා, අදාළ සංශෝධන නැවත සලකා බලා මෙතෙක් ලබා ඇති යහපත් ප්‍රතිඵල රැකගන්නා ලෙස සියලු පාර්‍ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහයෝගය අඛණ්ඩව ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Google AdSense
In-Article Ad

