FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඇමති වසන්ත කටාර්‍හිදී 'Doha news' සමග

FM Heart · 2 min read

The Heart Academy
කටාර් රාජ්‍යයේ ඩෝහා අගනුවර පැවැත්වෙන 9 වැනි ලෝක ආයෝජන සමුළුවට (World Investment Forum) සහභාගී වෙමින්, ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්‍ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඩෝහා නිව්ස් වෙත මෙම අදහස් පළ කර තිබේ. "ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය කදිම අවස්ථාවයි," යනුවෙන් ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ලොව ඕනෑම රටක ආයෝජනයක් සිදුකිරීමේදී ආයෝජකයන් මූලිකවම අපේක්ෂා කරන ආර්‍ථික සහ දේශපාලන ස්ථාවරත්වය වත්මන් ශක්තිමත් රජය යටතේ මෙරට තුළ උපරිමයෙන් ස්ථාපිත කර ඇති බව අවධාරණය කළේය. එබැවින් කටාර් ආයෝජන අරමුදල්, එරට රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික ව්‍යාපාරික ප්‍රජාවටද ශ්‍රී ලංකාවේ ආයෝජන විභවයන් කෙරෙහි අවධානය යොමුකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. වසර 15කට පසුව ලබන 2027 වසරේ ජනවාරි මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා ‘ශ්‍රී ලංකා එක්ස්පෝ’ (Sri Lanka Expo) දැවැන්ත ප්‍රදර්‍ශනය සහ ඊට සමගාමීව විශේෂ ආයෝජන සංසදය (Investment Forum) ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කළ අමාත්‍යවරයා, ඊට එක්වී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස ලොව පුරා විසිරී සිටින ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය. කටාර් රාජ්‍යය තුළ හෝටල් ක්ෂේත්‍රයේ, වෘත්තීය මට්ටමේ සහ විවිධ සේවා ක්ෂේත්‍රයන්හි නියුතු 150,000කට අධික ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාවක් සේවය කරන බව සිහිපත් කළ වසන්ත සමරසිංහ මහතා, ඔවුන් දෙරට අතර පවතින සබඳතාව ශක්තිමත් කරන සජීවී පාලමක් බඳු බවද පෙන්වා දුන්නේය.
99mobile